0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, May 11, 2014
Apple හා Samsung නඩුවේ නව තොරතුරු
Apple සමාගම හා Samsung සමාගම අතර තියෙන ආරවුල අලුත් එකක් නෙවෙයි. 2011 වසරේ ඉඳලා ලෝකයේ විවිධ අධිකරණ වලදී ඔවුන් patent බලපත්‍ර ගැන එකිනෙකට එරෙහිව නඩු පවරා ගන්නවා. මේකේ අලුත්ම පියවර, සති කිහිපයකට කලින් Apple විසින් Samsung සමාගමට එරෙහිව කැලිෆෝනියා
අධිකරණයේ patent බලපත්‍ර කීපයක් කඩ කිරීමට එරෙහිව නඩු පැවරුවා. එහි තීන්දුව පසුගියදා නිකුත් කරනු ලැබුවා. 8 දෙනෙකුගෙන් සමන්විත ජූරිය දින තුනක සංවාදයකින් පසුව Samsung සමාගම Apple පේටන්ට් 2ක් කඩ කිරීම ගැන වැරදිකරු ලෙස තීන්දු වුන අතර ඇමරිකානු ඩොලර් මිලියන 119ක පමණ මුදලක් වන්දි ලෙස ගෙවීමට නියම කරනු ලැබුවා. නමුත් මේක Apple සමාගම ඉල්ලපු බිලියන 2ක වන්දියට වැඩනම් ගොඩක් අඩුයි.
නමුත් සියලුම දේ Appleට ඕන විදියට උනේ නැහැ. ඔවුන්ට Samsung පේටන්ට් එකක් කඩ කිරීමට ඩොලර් 158,00ක් ගෙවීමට නියම වුණා.
නමුත් මේක තවම ඉවර නැහැ. තවත් පේටන්ට් බලපත්‍ර කිහිපයක් ගැන තව මස කිහිපයකින් සාකච්චාවට ගැනීමට නියමිතයි.
Source = droidslk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න