Sunday, May 11, 2014

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?


අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස්  එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල .  එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.  android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා .  බලන්නකෝ ඒ මොනවද කියල ………..


Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . “Battery Doctor” කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A  or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall  කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන්  නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
 ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස  ඒ  මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password  සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
Android.Trojan.Facelnst.AV
ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා

මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ

app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න

app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .( ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක් )
ඔබේ ෆෝන් එකේ battery  ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලා වල් වල , (ඒ කිව්වේ රෑට වගේ )   battery  බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .

බලන්නකෝ , ඔයාගේ android ඩිවයිස් එකෙත් මේ ලෙඩ තියනවද කියලා.  වටිනවා වගේ නම් කොමන්ට් එකක් දාලම යන්න.
Source = http://www.ezoneblog.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න