Tuesday, May 13, 2014

Mobile Processor ගැන

අද දවසේ පරිගණකයක් මිලදීගන්නා විට සලකා බලන කරුණු සියල්ලටත් වඩා ස්මර්ට්ෆෝන් එකක් මිලදීගැනීමේදී සැලකිලිමත් වීම වඩා වැදගත්වන බව පෙනී යනවා. එනිසා ස්මර්ට්ෆෝන් එකක Processor එකගැන දැන් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මේ අවුරුද්දෙත් නව පරපුරේ mobile Processor කරලියට එමින් පැමිණ තිබෙනවා. ඒ අතරින් Qualcomm, Nvidia, Samsung, Mediatek යන brand වලින් තමයි වෙළදපොල නිර්මාණය වී තිබෙන්නේ.


Desktop Computer වල processer වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඉන්නේ Intel. ඒවගේ තමයි ස්මර්ට්ෆෝන් විෂයේදී Processor වලින් ප්‍රථම ස්ථානය හිමවන්නේ Qualcomm. 2013 වර්ෂයේදී මෙන්ම දැනටත් වැඩිම උපාංග ප්‍රමාණයකට උපයෝගී කරගෙන තිබෙන්නේ Qualcomm processor තමයි.

Qualcomm processor එක brand කර තිබෙන්නේ Snapdragon නමින්. මේ වනවිට නිපදවෙන්නේ Snapdragon 800 processor නම් processor මාලාවයි. එයින් දැනට ස්මර්ට්ෆෝන්වල භාවිතාවන්නේ Snapdragon 801 කියන processor එකයි. එහෙත් අද වනවිට මේ Series එකේ Snapdragon 805, Snapdragon 808, Snapdragon 810 දක්වා නිකුත් වී තිබෙනවා ඒවා අනාගත ස්මර්ට්ෆෝන් සදහා නිපදවෙන Mobile Processors වනවා.  අද දිනයේ භාවිතා වන Snapdragon 801 ගැන හා එති ඇති විශේෂාංග වලින් ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම.

Snapdragon 800 processor මාලාව කරළියට එන්නේ ක්‍රියාකාරිත්වය හා battery ශක්තිය කාර්යක්ෂම කිරීම පෙරදැරිවයි. ඒවගේම Connected computing,Ultra HD video, multichannel HD audio සහ advanced imaging ක්ශෙත්‍ර කෙරෙහිද අවධානය කරන processor මාලාව වන්නේ මෙයයි.

Snapdragon 801 processor හි විශේෂාංග
CPU – quad core Krait 400 CPU at up to 2.5GHz per core, LP-DDR3 memory
GPU – වේගය වැඩිදියුණු කරන ලද Adreno 330 GPU chip එකෙන් 50%  කටත් වඩා Graphic ක්‍රියාකාරිත්වය වැඩි කර ඇත.
Power Management – වඩාත් කාර්යක්ෂම High Performance for Mobile (HPm) තාක්ෂනය
Modem – Gobi™ True 4G LTE World Mode, supporting LTE FDD, LTE TDD, WCDMA, CDMA1x, EV-DO, TD-SCDMA and GSM4
USB – USB 3.0/2.04
Bluetooth – BT4.0 + Integrated digital core
WiFi – 802.11ac4 Wi-Fi
Video   – Capture, playback and display video in Ultra HD (with four times 1080p pixel density), HEVC 1080p support, 4K playback and capture with H.264 (AVC), 1080p playback with H.265 (HEVC)
Camera – Up to 21 Megapixel
Display – Higher display resolutions (up to 2560×2048) and Miracast 1080p HD support, 1080p and 4K external displays


Snapdragon 800 processor
LG G Pro 2
LG G Flex
Sony Xperia Z1S
Google Nexus 5
Sony Xperia Z1
Samsung GALAXY Note 3 (LTE)
LG G2
Sony Xperia™ Z Ultra
Sony Z Ultra Google Play edition
Snapdragon 801 processor
HTC One (M8) Harman/Kardon edition
OnePlus One
Sony Xperia Z2
HTC One (M8)
Samsung GALAXY S5


- Nvidia Tegra -

Nvidia තම Mobile Processor එක ලෝකයට හදුන්වා දෙන්නේ ලොව වේගවත්ම Mobile Processor ලෙසටයි. මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානයට ලක් වන්නේ Mobile ක්‍රීඩා අත්දැකීම සංවර්ධනය කිරීමයි. ඔවුන්ගේ දැනට භාවිතා වන Processor එක වන්නේ Nvidia Tegra 3 සහ Tegra 4. දැනටමත් හදුන්වාදී ඇති එහෙත් ඒවා උපාංග මගින් තවම කරලියට පැමිණ නැති ඉව්න්ගේ නවතම Processor එක වන්නේ Tegra 4i , Tegra K1. Nvidia නවතම Processor හි ස්මර්ට්ෆෝන් අත්දැකීම වෙනදාට වඩා බලයෙන් හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන ලද බවයි පැවසෙන්නේ. ඒ අතර නව Camara හැකියාවන් හා වෙනස්කම්, වේගවත් අන්තර්ජාල පහසුකම් හා web browsing, වඩාත් පැහැදිලි Mobile gaming දර්ශන.

Tegra 4 සදහා භාවිතා වන්නේ ARM Cortex A15 cores වන අතර එමගින් 1.9GHz දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ස්මර්ට්ෆෝන් එකේ වැඩ අඩු වෙලාවට ක්‍රියාකිරීම අඩුකළ හැදී නිසාත් වැඩි කාලයක් standby තබාගැනීමට උපකාරී වනවා.

Nvidia Tegra 4 උපාංග

EVGA Tegra Note 7
NVIDIA SHIELD
ASUS Transformer Pad TF701
HP Slate 21 All-in-One
HP Slate7 Extreme
HP Slate8 Pro
HP Slatebook x2
Toshiba Excite Pro
Toshiba Excite Write
Kobo Arc 10HD
Xiaomi Mi3

Nvidia Tegra 3 උපාංග

Ouya Ouya
ViewSonic SD-A245
ASUS MeMO Pad Smart
Lenovo IdeaPad A2109
Acer DA241HL
WikiPad 7″
BungBungame MI100
Toshiba Excite 10 Tablet
Fujitsu Stylistic M532
Hisense Sero 7 Pro
Acer Iconia Tab A700
Acer Iconia Tab A210
Insignia – Flex NS-14T004
HTC One X+
HTC One X
Sony Xperia Tablet S
Google Nexus 7

- Samsung Exynos Processor -


ලෝකයේම ඉලෙක්ට්‍රොනික වෙළදපොළේ මුලසුන හොබවන එයිනුත් ස්මර්ට්ෆෝන් වෙළදපොල ආක්‍රමණය කරගෙන සිටින්නේ Samsung. එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඉතා කෙටි කාලයකින් විශාල උපාංග ප්‍රමාණයක් නිකුත් කරන නිසයි. කෙසේවෙතත් ඔවුන් ඒ ලෙස නිපදවීමට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ අමුද්‍රව්‍ය සම්පාදනය කරගැනීමේ වියදම අවම නිසයි. ඔවුන් භාවිතා කරන්නේ ඔවුන් විසින්ම නිපදවන අමුද්‍රව්‍යයි. Mobile Processor අතින් ගත්තද ඔවුන් විසින් නිපදවූ Processor වලට වැඩි තැනක් ලබාදීමට ඔවුන් යොමුවෙනවා. Samsung විසින් නිපදවන Mobile Processor එක වන්නේ Exynos Mobile Processor වන අතර එය නිමවෙන්නේ ARM microprocessor (System on Chips – SoCs)
Eight-core Exynos 5 Octa උපයෝගී කරගනිමින් නිපදවුණු Galaxy S4 (i9500 version) හා Galaxy Note 3 (N9500) ලෝක වෙළදපොලේ අලෙවි වීමට පෙර එහි 4G LTE connectivity හි උත්ගත වූ ප්‍රශ්නයක් නිසා අලෙවිය එතරම් අපේක්ෂිත අන්දමට සිදුවුයේ නෑ. මෙයත් අප Tegra 4 වලදී කතා කළා වගේම processor එක අවස්ථා දෙකකදී වෙනස් ආකාරයකට තමයි ක්‍රියාත්මක වන්නේ.

මොවුන්ගේ නවතම processor එක වන්නේ Exynos-Widcon. මීලගට එන Samsung ස්මර්ට්ෆෝන් සදහා මෙය යොදාගැනීයි.

Exynos 5 Octa Series

Exynos 5422

- Samsung S5

Exynos-Widcon

- (Not Yet Released)

Exynos 5420

Galaxy Note 3
NotePRO
TabPRO
Note 10.1 (2014Edition)

Exynos 5410

Meizu MX3
Galaxy S4

Exynos 5 Hexa

K Zoom (නවතම ස්මර්ට්ෆෝන් එක)
Note 3 Neo

Exynos 5 Dual

Google Nexus 10
HP Chromebook 11
Samsung Chromebook
HomeSync

Exynos 5 Quad

Note 2
S3
Lenovo LePhone K860i

Exynos 4 Dual 32 nm

Tab 3 8.0
S4 Zoom

Exynos 4 Dual 45nm

S2 4G
S2
Tab 7.0 Plus

Exynos 3 Single

S Hoppin
Mesmerize

Source =http://www.droidslk.com








No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න