0cs0 මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු. ocso
Sunday, May 11, 2014
Google Search Tips
Google Search Tips
1.නිර්වචන ලබාගැනීම
define:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනය
උදා: define mail
2.Google කැල්කියුලේටරයක්
ලෙස භාවිත කිරීම
පළමු ක්‍රමය : ඔබට ප්‍රතිදානය ලබාගැනීමට අවශ්‍ය ගණිත ගැටලුව ටයිප් කර සෙවීම සිදුකිරීම.
උදා: 2+2 ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම
දෙවන ක්‍රමය : “Calculator” ලෙස සෙවීම සිදුකිරීම
3.යම් කිසි ප්‍රසිද්ධ දෙයක වැඩි විස්තර සොයාගැනීම
අවශ්‍ය පුද්ගලයාගේ නම, සමාගමේ නම හෝ අවශ්‍ය දෙයෙහි නම මුළින් සදහන් කර
ඉන්පසු ලබාගැනීමට අවශ්‍ය කරැණ (උපන්දිනය නම් Birthday ලෙස) ටයිප් කර
සෙවීම සිදුකිරීම
උදා: Mark Zuckerberg Birthday
4.ඒකක පරිවර්ථනය
පළමු ක්‍රමය : උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය විනිමය අනුපාත පරිවර්ථනයට නම්
Currency Converter ලෙස ටයිප් කර සෙවීම සිදූකිරීම.
දෙවන ක්‍රමය : ඔබට අවශ්‍ය ඩොලර් රැපියල් වලට පරිවර්ථනයට නම් Dollar to
Rupee ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම.
5.එක් වෙබ් අඩවියකට සීමාවී සෙවීම් සිදුකිරීම
පහත කේතය මේ සදහා උපයෝගී කර ගන්න
site:වෙබ් අඩවියේ ලිපිනය සහ අවශ්‍ය වචනය
උදා: site facebook.com harshana
6.වෙනත් රටවල වේලාව බලාගැනීම
time in සමග අවශ්‍ය රටේ නම සදහන් කර සෙවීම සිදුකිරීම
උදා: time in Sri Lanka
7.වාක්‍ය කණ්ඩයක් සෙවීම
අවශ්‍ය වාක්‍ය කණ්ඩය පෙරළිකොමා තුළ ලියා සෙවීම සිදු කිරීම
උදා:”Sunday is Funday”
8.කාලවකවානුවකට අදාළ ලිපි සෙවීම
අවශ්‍ය ලිපියේ මාතෘකාව සමග අවශ්‍ය කාල වකවානුව ටයිප් කර සොයන්න.
උදා:ඔබට අවශ්‍ය වින්ඩෝස් XP වලට අදාළ 2008 සිට 2009 දක්වා ලිපිනම් පහත පරිදි සෙවීම සිදුකළ හැක.
Windows XP 2008..2009
Source = droidslk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න