Friday, November 20, 2015

Edge බ්‍රවුසරයද වැඩි දියුනු කර ඇත


    Microsoft සමාගම තම Edge බ්‍රවුසරය ඔස්සේ උත්සහ කරන ලද්දේ තරගකාරී අනෙතු බ්‍රවුසරයන් වෙතට හොඳ තරගයක් දිය හැකි ඉදිරිපත් කිරීමකට යාමය. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 මෙන්ම Edge බ්‍රවුසරයද හොඳ මට්ටමකින් තරගයට පිවිස ඇති බවකි. තම මෙහෙයුම් පද්ධතිය වෙතට මෙන්ම බ්‍රවුසරය වෙත්ජටද වෙගවත් යාවත්කාලීන පෙලක් ගෙන එන්නට ආයතනය ක්‍රියාකර සිටියේද වඩාත් සාර්ථක නම්‍ය ඉදිරිපත්කිරීමක් තම සතුබව නිරන්තරයෙන් රඳවා ගැනීමටය. 

Browsers වෙනුවට Cortana සහ Personal Assistants

Appleලගේ Siri සහ Androidලගේ Google සඳහා Microsoft එකෙන් ලැබුන පිලිතුර Cortana ය. මෙවැනි Personal Assistants, web browsers වෙනුවට නුදුරු අනාගතයේදීම භාවිතා වන බව Microsoft සමාගමේ වත්මන් CEO, Satya Nadella O’Reilly Next නම් ආර්ථික සමුළුවේදී පැවසුවා. ”මට දැනෙන විදිහටනම් AI යනු නොවැලැක්විය හැකි තාක්ෂණයක්.එය සිදු වෙන්නයි යන්නේ.” ඔහු ආරම්භක කතාවේදී පවසයි.

Sunday, October 11, 2015

Google සමාගම නවතම Nexus 5X, Nexus 6P දුරකථන සහ Android M මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙයි





Nexus 5X සහ Nexus 6P දුරකථන දෙක නිෂ්පාදනය කරන්නේ LG සහ Huawei සමාගමයි. 6P අඟල් 5.7 ක තිරයකින් යුතු අතර Type C USB port එකකින් සමන්විතයි. මේ දුරකථන දෙකෙහි නව Marshmallow මෙහෙයුම් පද්ධතියයි ක්‍රියාත්මක වන්නේ. 6P දුරකථනය frost white, aluminium, graphite යන වර්ණ තුනෙන් වෙළඳපොලට පැමිණෙනවා.

abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය Google මිලදී ගනියි


Google දැන් Alphabet කියන මව් සමාගම යටතේ පවතින්නේ. ඔවුන්ගේ අනන්‍යයතාවය පෙන්නුම් කරන්නට අතිරේක ඩොමේන් නාමයන් අවශ්‍යය වෙලා තිබෙන බව පෙනී යනවා. ABC.xyz ඩොමේන් නාමය ඔවුන් පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වූවා. දැන් ඔවුන් සම්පූර්ණ අක්ෂර මාලාවම යෙදෙන abcdefghijklmnopqrstuvwxyz.com ඩොමේන් නාමය ලබා ගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විනාඩි කිහිපයකට “Google.com” $12 කට මිලදී අරගෙන


හිටපු Google සේවකයෙකු වන Sanmay Ved හට අමුතුම ආකාරයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. Google.com domain එක කෙටි කාලසීමාවකට ඔහුගේ නමට ලැබිලා තිබෙනවා. ඒ මිලියන හෝ බිලියන ගණනකට නොවේ. කුඩා $12 කට. රුපියල් වලින් නම් ආසන්න වශයෙන් රු.1700 කට. ඔහුගේ මේ අත් දැකීම ඔහු තම Linkedin තුල සඳහන් කරලා තිබුනා.

Sunday, September 6, 2015

Cortana සමග භාෂා පරතරය ජයගමු


  තොරතුරු තාක්ශනය මිනිස් වර්ගයා වෙතට ‍රැගෙන විත් ඇති නව ප්‍රවනතා අතර භාෂා අතර ස්වංක්‍රීය පරිවර්ථනය දෛනික මිනිස් ජීවිතය මත ගැබුරින් සටහන් වන්නකි. පෘතුවිතලයේ වන නෙක ජාතීන් එකිනෙකාගෙන් වෙන් කරන්නට ප්‍රධාන සාධකයක්ව ක්‍රියාකරන මෙම භාෂා පරතරය නිවාලන්නට තවත් පියවරක් තබමින් Microsoft සමාගම පවසන්නේ තම ඩිගිටල් සහකරු cortana සමග එක්වන ‘Translator’ app පහසුව සමග මෙම හැකියාව වෙගයෙන් නෙක භාෂා අතරට් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

Chrome සමග වන අධි Ram භාවිතාව පාලනයකට


බ්‍රවුසර භාවිතාවතුල Google වෙතින් එන Chrome වෙතට ඇත්තේ විශාල පිලි ගැනීමකි.  නමුත් මෙම බ්‍රවුසරය භාවිතාව සමග බොහෝ විට අත්විඳින ගැටලුවක් වන්නේ එය පරිගණකයේ ‍රැම් භාවිතාව අසීමිතව සිදුකිරීමය. විටක පරිගණකයේ වේගය අඩාලකරවන්න්නට තරම් මෙම දුර්වලතාවය බලවත්වීම සාමානය අත්දැකීමකි. Google පවසනේ තම version 45 සමග භාවිතාකරන්න හට වඩාත් නම්‍යව

WhatsApp වටා වන මාසික භාවිතාව බිලියනයට ආසන්න වෙමින්


  Facebook ආයතනය WhatsApp 2014දී මිලට ගනු ලැබුවේ ඩොලර් බිලියන 19ය කටය. ඒ වන විට මෙම සේවාව වටා මාසිකව සැලකිමේ සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 450ක් වනු ලැබුවා. පසුගිය ජූලි වන විට එය මිලියන 800ක් කර වර්ධනය කරන්නට Faceook සමත්ව තිබූ බවට වාර්ථා වූ අතර ඒ සදහා iOS මෙන්ම Android උපාංග සමග වඩාත් නම්‍යව කටයුතු කිරීමේ හැකියාව දියුනු කර භාවිතාකරන්නන් වෙතට වඩාත් සමීප කරන්නට හැකිව තිබුනා.

නව විවෘත media format එකකට එක්වේ


වෙගයෙන් භාවිතය බහුල වෙමින් ඇති අංගයන් අතර  audio හා video ගොනු වෙතට ඇත්තේ කැපී පෙනෙන ස්ථානයකි. බොහෝ විට හමුවන ගැටලුවක් වන්නේ උපාංග සදහා වෙනස් වන, මෘදුකාංග අනූව වෙනස් වන media format භාවිතාකරන්නන් සදහා ගැටලු කාරී වන බවය. එසේම වැඩි වැඩියෙන් වෙබ් මූලික ව මෙවා බාවිතාවේදී අඩු බරකින් යුතු වෙගයෙන් මෙන්ම නම්‍යව ගලා යන ගොනු රටා වල අවශ්‍යතාවය සලකමින් ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශන ආයතනය වන Amazon, Cisco, Google, Intel, Microsoft, Mozilla, Netflix එක්ව

WebM video format එකට Microsoft Edge හි සහායත් ළඟදීම


Microsoft සමාගම සඳහන් කර තිබෙනවා ලගදීම Google සමාගමේ WebM video file format එක සඳහා Microsoft Edge Browser එක සහයෝගය දක්වන බව. WebM කියන්නේ H.264 සඳහා වූ open-source විකල්පයක්. WebM container එක VP8 video codec වලින් සමන්විතයි. Google සමාගම VP9 format එකද හදුන්වා දුන්නා.

ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය Sony සමාගමෙන්




පසුගිය වසර ගණනාව තුලම Sony සමාගම තම ජංගම දුරකථන සෑම විටම පාහේ නවීන අංග වලින් යුක්තව වෙළඳ පොලට නිකුත් කරනවා. ඒ බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් පසුගියදා ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium හඳුන්වා දුන්නා. මේ දුරකථනය අඟල් 5.5 ක 4k තිරයකින් යුක්ත වන අතර 806ppi අගයකින් සමන්විතයි. දුරකතනයේ සම්පූර්ණ විස්තර සටහන පහතින්,

කුහුඹුවන් iPhone එක වටේ මේ විදියට ගමන් කරන්නේ ඇයි කියලා දන්නවද?


මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ iPhone දුරකතනයට ඇමතුමක් ලැබෙන විට කුහුඹුවන් එය වටා යම් පිළිවෙලකට ගමන් කරන ආකාරයයි. මේ හරහා සාමාන්‍ය YouTube ප්‍රේක්ෂකයන් පමණක් නොව ප්‍රවීණයන් පවා ව්‍යාකූල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න ඒ වීඩියෝව,

Tuesday, September 1, 2015

Google වෙතින් එන නව WiFi router ය



 ගෙවී ගිය දිනයෙදී Google ආයතනය තම OnHub නම් සිලින්ඩරාකාර WiFi routerය නිවේදනයකරන ලදී. ඩොලර් 199ක් මිලැතිව  පැමිනෙන මෙහි ඉත පහසුවෙන් සැකසුම් සකසා ගැනීමට වන හැකියාව හා භාවිතයට වන හැකියාව කැපී පෙනෙන ලක්ෂන ලෙසට හුවා දක්වන්නට කටයුතු කර තිබිනි. TP-LINKආයතනය සමග එක්ව කල නිකුතුවක් වන මෙහි ස්වංක්‍රීයව යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරීත්වය මෙන්ම ආරක්ශාව පිලිබදව භාවිතාකරන්නාගේ අවධානය අනවශ්‍ය මට්ටමක සේවාවකට සූදානම් බවටයි පැහැදිලි වන්නේ. මීට අමතරව mobile app ඔස්සේ යුසර්නේම් හා පාස්වර්ඩ් සමග ආරක්ශිතව Android හා iOS සමග නෙට්වර්ක් වෙමින් එම ජාලය ඇතුලත දී පහසුවෙන් ගෝනු බෙදා හදා ගැනීමේ හැකියාවත් සමස්ථ ජාලයම remotely monitor  හැකියාවත් තවත් මෙහි වන සිත්ගන්නා සුලු ලක්ෂන වනවා.

Facebook වෙතට පැමිනීම දිනකට බිලියනය ඉක්මවේ



ගෙවී ගිය සඳුදා දිනය  facebook  වෙතට වඩාත් වැදගත් වන දවසක් ලෙසට සනි‍ටුහන් වූවා. එනම් එක් දිනක් තුල Facebook වෙතට සක්‍රීය මට්ටමේ බාවිතාකරන්නන් බිලියනය ඉක්මවන පැමිනීම එදින සිදුවීම නිසාය. Facebook නිර්මාතෲ වෙතින් මේ සම්බන්දයෙන් සිදුවූ නිවේදනයක වූවේ මේ වන විට පෘතුවිය මත වෙසන සෑම හත් දෙනෙකුටම එක් අයෙක් Facebook වෙතට පැමිනෙමින් සිටින බවයි. තොරතුරු යුගයේ තවත් අනන්‍යතාවයක් ලෙසට සටහන් වන සමාජජාලා භාවිතය තුල වඩාත්ම භාවිතාවක් ලබන සමාජ ජලාවක් වන්නට Facebook සමත්ව ඇති අතර

Wednesday, July 1, 2015

Visual Studio 2015 ජුලි 20 නිකුත්වේ

Microsoft සමාගමේ මෘදුකාංග සංවර්ධක මෙවලමක් (Software Development Tool/ Integrated Developer Environment) වන Visual Studio නවතම සංස්කරණය, Visual Studio 2015 ජුලි මස 20 වන දින නිකුත්කරන බව සමාගම පවසා සිටියා. තවද Visual Studio නිකුත්කරන අතර වාරයේදී සමාගම විසින් සජීවී ප්‍රශ්ණ හා පිලිතුරු (Online Q & A) වටයක්ද ඊට අමතරව Visual Studio 2015 සඳහා අලුතින් එක්වුන අංගයන් පිළිබන්ඳව ගැඹුරු සංවාදයක්ද පැවැතිවීමට නියමිතය. මීට අමතරව මෙම නිකුත් කිරීමටත් සමග සමාගමේ සමූහ සංවර්ධක පද්ධතියක් වන Team Foundation Server හා නවතම .NET Framework එක වන .NET 4.6 ද නිකුත් කිරීමටකටයුතු කරන බව පවසා සිටියා.

Sunday, June 14, 2015

Ask toolbar මෘදුකාංගය malware එකක් - Microsoft

 Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම සිදුවනු ඇති බවකි. එසේම මෙම මෘදුකාංගයේ පැරනි සංස්කරනයන් “unwanted software” ලෙසට ශ්‍රේනිගත වනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.

BlackBerry සමාගම Android දුරකථන නිකුත් කරන ලකුණු



BlackBerry සමාගම වරක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමියා වුනා. පසුගිය වසර 8 පුරාවට iPhone සහ ප්‍රසිද්ධ Android දුරකථන කීපයක් සමග දැඩි තරගයකද නිරත වුවා. නමුත් දැන් ඔවුන්ට හිමි වී ඇත්තේ සියයට 1 ටත් අඩු වෙළඳපොළ කොටසක්.
ඔවුන්ගේ ඉදිරි ජංගම දුරකථන, Android මෙහෙයුම් පද්ධතිය මගින් බල ගන්වන්නට යන බව වාර්තා වනවා. මේ වසරේදී නිකුත් වීමට නියමිත නවතම slider වර්ගයේ දුරකථනය Android සමග පැමිණෙනු ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කලා. මෙම දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් සහ යතුරු පුවරුවකින් සමන්විතයි.

Samsung සමාගමේ නවතම 55′ Transparent සහ Mirrored OLED පැනල

විනිවිද පෙනෙන displays නම් අලුත් දෙයක් නෙමෙයි. අනාගත තාක්ෂණය සංකේතවත් කිරීමට බොහෝ sci-fi චිත්‍රපටි වල සහ TV වැඩසටහන් වල විනිවිද පෙනෙන displays යොදා ගන්නවා. වසර කීපයක පටන් Samsung සහ Planar වැනි සමාගම් මේ තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගෙන තම නිෂ්පාදන එලි දැක්වුවා. නමුත් අපේ එදිනෙදා ජීවිතයට නම් තවමත් මේ නිෂ්පාදන එකතු වෙලා නැහැ. දැනට නිෂ්පාදකයන්ද නිවාස ආශ්‍රිත පාරිභෝජනය පසකලා ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදන එළිදැක්වීම මෙයට එක හේතුවක්.

Wednesday, June 3, 2015

Microsoft Edge Browserය Chrome, FireFox අභිබවා යන ලකුණු

Windows 10 නිකුත්කිරීමට තවත් ඇතේ ඉතා සුළු කාලයකි. Windows 10 Preview එකේ නවතම Preview Build එක වන්නේ Build 10125 ය. මේ සැම Build එකක් සමඟම Microsoft සමාගමේ අලුත්ම Web Browserය වන Edge අලුත් Features සමඟින් Upgrade වෙමින් පවතී.

Windows 10 සදහා System Requirements මෙන්න

Microsoft සමාගම ප්‍රකාශයට පත් කලා Windows 10, ජුලි 29 නිකුත් කරනවා කියල. ඒත් එක්කම මෙම නව මෙහෙයුම් පද්ධතිය සදහා අවශ්‍යය වන Hardware Requirements ද ප්‍රකාශ කලා. විශේෂත්වය වන්නේ 2007 දී නිකුත් කල windows Vista සදහාද අවශ්‍යය වුවේ මේවාට බොහෝ දුරට සමාන requirements වීමයි. ඒවා පහත පරිදිය,

Sunday, May 24, 2015

Google වෙතින් එන IoT OS එක Brillo ය

 එලබෙමින් ඇති තොරතුරු ලෝකයේ අනාගතය පිලිබදව සටහනේ Internet of Things පිලිබදව සටහන ප්‍රධානතම අංගයක් ලෙසට සැලකේ. Microsoft සමාගමද ගෙවී ගිය සතියේ Windows 10 IoT Core නම් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය නිකුත්කරමින් එලබෙන තොරතුරු ලෝකයට තමන්ගේ සූදානම තහවුරු කරන්නට කටයුතු කරන ලදී. Google ආයතනයද මේසදහා වන සූදානම පලකරන්නේ Brillo නම් සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමිනි. අඩු RAM බලයක් මෙන්ම දෘඩාංග පරිසරයක හොඳින් ක්‍රියාත්මක

Windows 10 වඩ වඩාත් වෙනස් වෙමින් ඇත

 Windows 10 නව මගක් ඔස්සේ අත්හදා බැලෙමින් ඇත. එය සමස්ථ ලෙසම වෙනස් වන බවට දැනටමත් තහවුරු වී ඇත. Microsoft වෙතින් එන මෙහෙයුම් පද්ධති රටාවම එය වෙනස් කර ඇත. ආයතනය පසුගියදා පැවසුවේ වසර කිහිපයකට වරක් නව සංස්කරනයක් ලෙසට Windows පැමිනීම අහවර කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. Desktop සදහා නැවත Start මෙනුව එන්නේ වඩාත් නමය ලෙසටය. පැවති සාම්ප්‍රධායික

තට්ටු ගොඩනැගිලි ඉදිකරන අලුත්ම චීන තාක්ෂණය මෙන්න

ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.

Tuesday, May 5, 2015

ඉන්ටර්නෙට් Explorer මිය ගිය බවට මයික්‍රොසොෆ්ට් ආයතනය තහවුරු කරයි




ඒ වෙනුවට Microsoft Edge පැමිණෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා ඉන්ටර්නෙට් Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට  ගැලපෙන ලෙස නිර්මාණය වූ Microsoft Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන්  ප්‍රකාශ කලා.

අත් අකුරු වලින් ටයිප් කරන්න ගූගල් ඇප් එකක්


ගූගල් විසින් අලූත්තෙන් ඇප් එකක් හදුන්වාදුන්නොත් ඉතින් අනිවාර්යයෙන් ඒක ෆෝන් එකට දාගන්නම වටිනා ඇප් එකක් තමයි.
ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හෝ ටැබ් එකේ ටච් ස්ක්‍රීන් එක මත ඇගිල්ලක් හෝ Touch pen එකක් ආධාරයෙන් යමක් ලිව්වොත් මෙයින් එය හදුනාගෙන Text එකක් විදියට ක්ශණිකව convert වෙනවා.
කීපෑඩ් එකේ අකුරු හොය හොය ඉන්න ඕනෙත් නෑ. ඒවගේම Smiles හදුනාගන්නත් මේ ඇප් එකට පුලූවන්.

හච් වෙතින් තම පාරිභෝගිකයින්ට ඩේටා දන්සලක්



වෙසක් පොහොය වෙනුවෙන් එක් එක් ආයතන වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඔන්න ඉතාමත් අපූරු ඩේටා දන්සලක් 
හච් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට හදුන්වාදී තිඛෙනවා. මෙය මැයි 2 සිට 5 වෙනිදා දක්වා විවෘත අතර සෑම හච් සිම් එකකටම මෙගාබයිට් 100 ගානේ නොමිලේ ලබාගන්න ඔයාලට පුලූවන්.

Monday, April 13, 2015

අන්තර්ජාලයේ බ්‍රව්සර් සියල්ල හැක් වෙයි

Pwn2Own කියන්නේ වාර්ෂිකව පැවැත්වෙන Hacking තරඟයක්. මෙවර එය පැවැත්වුනේ කැනඩාවේ වන්කොවර්හිදිය. ලොව නන් දෙසින් විවිධ දක්ෂතා ඇති තරඟකරුවන් රැසක්ම එහි පැමිණ සිටි අතර ලෝකයේ ජනප්‍රියතම web browser hack කර එහි දෝෂයන් 21 ක් ම පෙන්වා දී $557,500 ක මුදලක් දිනාගැනීමට හැකින් තරඟකරුවන් සමත්ව තිබෙනවා. mozilla firefox, google chrome, internet explorer යන ප්‍රසිද්ධම web browser සියල්ලම පාහේ hack කිරීමට  මෙම වර්ෂයේ පැවතී එම තරඟයේදී දෙවෙනි සහ අවසාන දිනයේදී තරඟකරුවන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා. hp’s zero day initiative program හි අනුග්‍රහයෙන් දින දෙකක් පුරාවට

අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයාගැනීමක්


මෙය ඇසු විට ඔබ පුදුම වනවා නොඅනුමානය. මා මේ කියන්න යන්නේ සත්‍ය කතාවකි. සාමාන්‍යයෙන් ඔබ දෘඩ තැටියක නොහොත් පරිඝනක Hard Disk එකක හෝ Pen Drive එකක දත්ත කොපමණ කාලයක් තබා ගත හැකිදැයි ඔබ සිතන්නෙහිද ? අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් ? backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වන ලදී. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. පසුව එම Hard Disk Drives නැවත Install කර එහි ආයු කාලය සටහන් කරගනු ලැබේ. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය

මුදල් ගෙවා අන්තර්ජාලයෙන් ආදරවන්තයා / ආදරවන්තිය ලබා ගන්න

මුදල් මත අද ලෝකයේ හැමදෙයක්ම ලෝකයේ තීරණය කර අවසානය. ආදරය පවා මුදලට යටවෙමින් සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන කියමන සනාත කරමින් පෙම්වතුන් පෙම්වතියන් මුදලට අන්තර්ජාලය ඔස්සේ මුදලට විකිනෙන ක්‍රමවේදයක් චීනයෙන් අසන්නට ලැබුණි.
චීන අන්තර්ජාල සේවාව මගින් කරගෙන යන්නාවූ මේ වෙළඳාම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් මිලට ගැනීමේ පහසුකම ලබා දී ඇත. ප්‍රථමයෙන් මිලදී ගන්නා ආදරවන්තයා හෝ ආදරවන්තිය පරිඝනකයට සහ දුරකතනයට සීමා වෙති. උදෑසන 8 සිට රාත්‍රී 9 දක්වා සේවා සපයන අතර අන්තර්ජාලය හෝ දුරකථනය ඔස්සේ පෙම්වතා හෝ පෙම්වතිය සමග කතා බහ කිරීමට දෙන්නේ පැය දෙකක පමණ කාලයක්ය. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාරිභෝගිකයාගේ රැකියාවේ ගැටළු,

Tuesday, March 3, 2015

Intel වෙතින් Atom x3, x5 and x7 smartphone chipsets නිවේදනය වේ

Intel ආයතනය තම නවතම processors පෙල නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ Atom x3, x5 and x7 smartphone chipsets පෙල පිලිබදව පැහැදිලි කරමින් විස්තර කෙරෙන්නේ පෙරදී “SoFIA” සංකේතනාමයෙන් හැදින්වූ Atom x3 series නිකුතුව low end devices එනම් tablets and phablets සදහා වන අතර පෙර සංකේත නාමයවූ “Cherry Trail” ලෙසින් හැඳින්වූ Atom x5 / x7 නිකුතුව premium tablets හා small-screen 2 in 1s සදහා වන්නට නියමිත බවකි.

Samsung Galaxy s6 එළි දක්වයි

සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. 2015 වසරේදී එය Samsung Galaxy S6 ලෙසින් බාර්සිලෝනා හිදී පවත්වනු ලබන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) එළිදක්වනු ලබුවා. Samsung Galaxy S6 සමගින්

Saturday, February 28, 2015

Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි



Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්‍රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා. මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google

Friday, February 27, 2015

Google තම Flash ads ද HTML5 වීම ස්වංක්‍රිය කරයි

  YouTube වෙතින් පසුගියදා පැවසුනේ තමන් Adobe Flash ප්ලේයර් මුලික ක්‍රියාකාරිත්වයේ සිට HTML5 player මූලික ක්‍රියාකාරීත්වයකට හුවමාරු වෙමින් සිටින බවකි. පැමිනෙන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ ඔවුන් තම Google Ads Display Network තුලද Flash ads සිට HTML5 දක්වා වෙනස්වීම අරබා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ mobile devices වල වැඩි වෙමින් ඇති

UK හදාරන්නන් 5G mobile තුල 1Tbps සාර්ථකව අත්හදා බැලේ

ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය

Net Neutrality බව යලි පෙරට

  මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් වලට පැමිනෙන්නට ඉඩ කඩක් නොමැති වීමය. මිනිස් වර්ගය අත්පත්කර ගත් බොහෝ පූජනීය මට්ටමේ කාරනා වලට අවසානයේ අත්පත්වූ ඉරනම සැලකීමේදී මේ අපූර්ව

Monday, February 16, 2015

Windows 10 Technical Preview for phones සමග Spartan ද ඇත

Windows 10 Technical Preview for phones සමග Microsoft හි නව දියුනු කිරීමක් වූ “Project Spartan” පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ආයතනය Internet Explorer වෙනුවට වඩි දියුනු කල නව rendering engineය කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර IE දෙසට නිරන්තරයෙන් එල්ල වෙමින් ඇති slows down වැනි නෙක ආකාර ගත් චෝදනා සදහා විසඳුමක් රෙගෙන විත් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම දැනටමත් ප්‍රකාශකර ඇත්තේ Spartan Windows 10

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්

 Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම

Monday, February 9, 2015

Swatch වෙතින් Windows සහය smartwatch එකක්

Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන Nick Hayek

Google Talk අවසන්වේ. Google Hangouts ඉදිරියට

Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට

Thursday, February 5, 2015

සිම් නැතිව කතා කරන්න Google Connection එකක් ගමු


නිකමටවත් හිතිලා තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සිම් එකක් නැතිවත් කතාකරන්න පුළුවන් වෙයි කියලා. සමහර අයට හිතුනත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කාලාන්තරයක් යාවි කියලා හිතන්න ඇති.

ඒත් ඔබ දන්නවාද ඒ දවස මේ වෙනකොට ලං වෙලා කියලා. හේතුව තමා අපි කව්රුත් දන්න Google

Phone සදහා Windows 10 Technical Preview ලගදීම

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්

Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store

Saturday, January 24, 2015

Facebook වෙතින්ද Voice-to-text හැකියාව


 Microsoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් ලෙසට පිලි ගැනේ. මේ වන විට Facebook ආයතනයද නිවේදනය කර සිටින්නේ voice-to-text

Friday, January 23, 2015

Apple එක්ක තරඟයට එන චීන ඇපල් – Xiaomi

ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්,
ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා

Oneplus One දැන් නිදහසේ මිළඳීගත හැක


OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර 'invite' මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක්

Thursday, January 22, 2015

Project Ara දෙවන අදියරට

 Google වෙතින් පැමිනි Project Ara බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වූවකි. භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය අනූව තම මොබයිල් දුරකථනයේ අඩංගු අංගයන් වෙන වෙන්ම තොරා ගන්නට ඉඩ ලැබීම මෙහි වන ප්‍රධාන ආකර්ශයය ලෙසින් පිලිගැනේ. එලබෙමින් ඇති “mobile-first” සමාජයේ අවශ්‍යතාවයන්ට වඩාත් අපූරුවට ගැලපෙන මෙම පැමිනීම සම්බන්ද දෙවන සංවර්ධකයින්ගේ හමුව ගෙවී ගිය දිනයේ පවත්වන ලැබූ අතර එහිදී තම ව්‍යාපෘතියේ දෙවන අදියර ‘Spiral 2′

Google Translate යලිත් යවත්කාලීන වේ

Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menu

Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ


  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට  වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ

Friday, January 16, 2015

Forbes සඟරාව, ඇපල් වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ

Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්