HTC ආයතනය මේ දවස් වල නිෂ්පාදනය කරමින් පසුවෙන M8 දුරකථනය පිළිබඳව දුරකථන ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. HTC ආයතනය විසින් කිසිඳු තොරතුරක් නිලවශයෙන් මේ වෙනතුරු ඔවුන්ගේ අලුත් smartphone එක පිළිබඳව සදහන් කර නැහැ. නමුත් නිලනොවන ආකාරයට එම දුරකතනයේ පින්තූර කිහිපයක් පිටතට පැමිණ තිබෙනවා. එම ආරංචි මාර්ග වලින් පවසන පරිදි3D චයාරූප අරගැනීමට හැකියාව ඇති සුපිරි කැමරාවක් මෙම දුරකථනය සඳහා ඇතුලත් කර තිබෙනවා. හොඳයි අපි දැන් සොයා බලමු
dual-lens කියන තාක්ෂණයෙන් යුතු කැමරාවන් පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වීමට තරම් එහි තිබෙන විශේෂත්වය කුමක්ද කියා. මෙම කැමරාව විශ්මිත එකක් වීමට බලපාන ප්රධානම හේතුව නම් එම කැමරාවෙහි ඇතුලත් වෙන කාච දෙකේ "focal length" එක එකිනෙකට වෙනස් වීමයි. focallength යනුවෙන් හඳුන්වන්නේ කැමරා කාචය නාභිගත වෙන දුර ප්රමාණයයි. මෙහි තිබෙන කාච දෙකෙහි නාභිගත වීමේ දුර ප්රමාණය එකී නෙකට වෙනස්. මෙහි තිබෙන කාචන්ගෙන් එක් කාචයක් wide-angle වෙන අතර අනෙකුත් කාචය 3X zoom වගේ අඩු focal length එකකින් යුතු කාචයක් වෙනවා. එමගින් හැකියාව ලැබෙනවා දුර තිබෙන වස්තුවක චායාරූපයක් විකුර්ති වීමකින් තොරව සුපහැදිලිව අරගැනීමට.Corephotonic ආයතනය විසින් සංවර්ධනය කරනු ලැබූ dual-lens නමැති තාක්ෂණික සංකල්පය මගින් නිර්මාණය කරනු ලැබූ 13 මෙගා පික්සල් කැමරාව මගින් හැමවිටම ලබා දෙන චයාරූප වල ප්රමිතිය ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා. සැමවිටම13 මෙගාපික්සල් ප්රමිතියටම තිබෙනවා.NOKIA සමාගමේ ප්රසිද්ධ PureView කියන කැමරා තාක්ෂනයේද අඩංගු වෙන්නේ ඩිජිටල් zoom කියන තාක්ෂණික ක්රමවේදයයි. එම හේතුවෙන් ඈත තිබෙන වස්තුවක් zoom කොට චයාරූප ගත කිරීමේදී එම චායාරූපය විකුර්ති වූ එකක් බවට නිරායාසයෙන්ම පත් වෙනවා.මෙම වෙනස පිළිබඳව පරික්ෂා කිරීම සඳහා dual -lens තාක්ෂණයෙන් යුතු කැමරාවක් සහ NOKIA සමාගමේ smartphone එකක ඇතුලත් වෙන සාමාන්ය කැමරාවක්භාවිත කිරීමෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එම කැමරා දෙකම එකම ස්ථානයක තබා ඈත පෙනෙන වස්තුවක් zoom කොට චායාරූප ගත කර තිබෙන අතර එම චයාරූප වල තිබෙන පැහැදිලි වෙනස කාගේත් අවධානයට යොමු වී තිබෙනවා. dual-lens තාක්ෂණයෙන් යුතු කැමරාවෙන් අරගනු ලැබූ චායාරුපය ඉතා සුපදිලි අතර සාමාන්ය smartphone කැමරාවෙන් අරගනු ලැබූ චායාරූපය විකුර්ති වී තිබේ. ඩිජිටල් zoom ක්රමය හා lens-switching ක්රම දෙකම යොදා ගනිමින් ඉහල ගුණාත්මක තාවයකින් යුතු zoom කිරීමක් වීඩියෝ පටිගත කිරීම් සඳහාද ලබා දීමට මෙම කැමරාවට හැකියාව තිබෙනවා. ත්රිමාණ චයාරූප වලට ඉතාමත්ම සමාන චාරූපයන් මෙම dual-lens කැමරාව මගින් අරගැනීමට හැකි වීම මෙහි තිබෙන විශ්මය ජනකම පහසුකම විදියට හඳුන්වන්න පුළුවන්. එම පහසුකම මගින් පින්තූරයන් සඳහා අමතර පාලනයක්ද සපයනු ලබනවා. ඒවා automatic blurring, quicker auto-focus, සහ augmented reality ලෙස හඳුන්වන්න පුළුවන්.HTC සමාගම විසින් ඉදිරියේදී වෙළඳපොළ සඳහා නිකුත් කරනු ලබන Smartphone එකේ කැමරාව කොතරම් විශ්මය ජනකද යන්න පිළිබඳව අමුතුවෙන් කතා කරන්න අවශ්ය වෙන්නේ නැහැ. මෙවැනි පහසුකමක් ඇතුලත් කර වෙළඳපොල වෙත නිකුත් කරන දුරකතනය නම් ඉතාමත්ම මිල අධිකඑකක් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. source = http://kuppiya.lk
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න