නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්රොසෙසරය පරිගණක ප්රොසෙසරයක් ක්රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක් තිබේ. ඇමරිකාවේ මිඩ්ගන් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් සොයාගන්නා ලද මේ තාක්ෂණය, අනුනාදක ඝටිකා ඈදිති තාක්ෂණය (resonant
clock mesh technology) කියා සිංහලෙන් හදුන්වන්නට පුළුවන. මේ තාක්ෂණය යොදාගෙන AMD සමාගම ප්රොසෙසරයක් නිපදවීය.ඵයට්රිනිටි (trinity) ලෙස නම් කොට ඇති මෙම ප්රොසෙසරය සහිත ඵච්පී ස්ලීක්බුක් (HP Sleekbook) කොම්පියුටරය දැන් ඇමරිකාවේ විකුණන්නට තිබේ.මෙම ප්රොසෙසරයේ විශේෂත්වය ඵය වොට් 17ක් තරම් අඩු විදුලි ක්ෂමතාවයකින් යුක්ත වීමය.ප්රොසෙසරය මගින් තොරතුරු යවන වේගය වැඩි කරන්නට විශේෂ ලෝහ දැලක් ප්රොසෙසරය හරහා පිහිටුවයි. ඝටිකා ඈදිත්ත(clock mesh) යනු එයයි.මෙය මගින් ස්පන්ද ලෙස හදුන්වන තොරතුරු සංඥා ඉතා වේගයෙන් පැතිරේ.එවිට ස්පන්ද දෙකක් අතර කාලය අඩු කොට ඝටිකා වේගය වැඩි කල හැක.ට්රිනිටි ප්රොසෙසරයේ වේගය වැඩි කොට තිබෙන්නේ මේ ක්රමයටය.ඒ අනුව මෙම ට්රිනිටි ප්රොසෙසරය ඇති පරිගණක මොනිටරයකදී තත්පරයකට ෆ්රේම් 30ක් ලබාදෙන්නට පුළුවන් බවත් දැන් තිබෙන වේගවත්ම පරිගණක ක්රීඩාවක් පවා ඉතා හොදින් ක්රීඩා කල හැකි බවත් මිඩ්ගන් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසින් ප්රකාශ කර ඇත. source = http://vidyalionsit.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න