අයිෆෝන් 5S මහජනයා සඳහා නිකුත් වී දැනට මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.දැන් එළඹ තිබෙන්නේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 විසින් අපට ලබා දෙන ප්රතිලාභ සහ එය මොනවගේ ද යන්න සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු කාලයයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන්
6 අයිෆෝන් 5S හි පවතින තිරයට වඩා විශාල වනු ඇත. එනම් එය අඟල් 4.7 කින් යුක්ත වනු ඇත. මීට අමතරව අයිෆෝන් නිපදවීමට යොදාගන්නා උපකරණයක ඡායාරෑප කිහිපයක් ද www.nowhereelse.fr වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කොට තිබුණා. තවද ඇපල් සමාගම විසින් Phablet වර්ගයේ දුරකතනයක් ද මෙම වසරේ අවසානයේ (බොහෝදුරට දෙසැම්බර් මස අවසාන සතියේ) නිකුත් කෙරෙනු ඇතැයි පැවසෙනවා.මෙය අඟල් 5.5 ක තිරයකින් යුතු බවයි පැවසෙන්නේ.මේ පිළිබඳව වඩා නිවැරදි තොරතුරු දැනට ලැබීනැති අතර මෙය වසරේ අවසානයේ නිකුත් කිරීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ ඇපල් මෘදුකාංගප්රවර්ධකයින් හට තමන් නිපද වූ ඇප්ස් නව අයිෆෝනයට සහ මෙම Phablet දුරකතනයට අනුව හැඩගස්වා ගනීමට කාලය අවැසි නිසා බවයි පැවසෙන්නේ.මේ අතර අයිෆෝන් 6 අයිෆෝන් 5S ට වඩා අඩු ඝනකමකින් යුත්ත වනවා.එනම් අයිෆෝන් 6 හි ඝනකම අඟල් 0.22 කි (අයිෆෝන් 5S හි ඝනකම අඟල් 0.30 කි).ඇපල් Retina තිරයකින් යුතු මෙහි අඟලකට Pixel 389 ක් (389 PPI) වනු ඇත.ඇපල් A8 ප්රොසෙසරයකින් බලගැන්වෙන මෙය 2.3 GHz වේගයකින් යුතුවනු ඇති. තවද පසුගියදා එක්තරා සමාගමක් විසින් අයිෆෝන් 6 වලට ගැලපෙන Case එකක් නිපදවා තිබෙනවා.මීට අනුව අයිෆෝන් 6 හි බඳ පස්වන පරම්පරාවේ iPod Touch හි හැඩයට සමාන වනවා.තවද අයිෆෝන් 6 හි Power බටනයෙහි පිහිටීමේ වෙනසක් දක්නට ලැබෙනවා(අතට ගත් පසු දකුණුපස,එනම් iPad හි Volume Controller තිබෙන තැන). මන්ද අයිෆෝන් 6 හි විශාල බව සමඟ අයිෆෝන්හි Power බටනය ක්රියා කරවීමට මෙය පහසු වනවා.මීට අමතරව අයිෆෝන් 6 හි කැමරාව වැඩි දියුණු කරන ලද එහෙන් මෙගා පික්සෙල් 8 කින් ම යුක්ත වන බව ද පැවසෙනවා. මන්ද ඇපල් සමාගමට අනුව කැමරාවක මෙගා පික්සෙල් ගණන වැඩිකිරීමට වඩා එහි ගුණාංග ඉහළ දැමීම තුළින් එමඟින් ලබා ගන්නා ඡායාරෑපවල ගුණාත්මක බවවැඩිවන බවයි පැවසෙන්නේ. අයිෆොන් 6 සමඟ නිකුත් වීමට නියමිත ඇපල් iOS 8 සෞඛ්ය සහ ශාරීරික යෝග්යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති අතර ඇපල් සමාගම මීට මාස කිහිපයකට පෙර බලපත්රයක් ලියාපදිංචි කරනු ලැබුවා ඇපල් Earpods ඔස්සේ මිනිසෙකුගේ ශාරීරිකසුවතාව මැන බැලීමට. බොහෝදුරට මෙයද අයිෆොන් 6 සමඟ නිකුත්වනු ඇත.මෙසේ විවිධ සංකල්ප,ඡායාරෑප,යෝජනා ඉදිරිපත් වුවද ඒවා 100% සත්ය යැයි අනුමාන කළ නොහැක.කෙසේ නමුදු මෙම වසර අවසානයේ (බොහෝදුරට සැප්තැම්බර් මස) නිල වශයෙන් අයිෆොන් 6 ප්රකාශ කරනු ඇත.එතැන් පටන් තවත් අවුරුද්දක කාලයක් අයිෆොන් 6 ජංගම දුරකතන ලෝකයේ රජයනු ඇත. source = http://www.applesinhalen.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න