![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj40HdGI8Yp8wxoB5-yavDcAkKOvhXideR-GWVa1AMzNW_OrfXuHdO57b87DhPLnNi9tMcRQzAyxD-H2TeZp7wdZiu5wfqlUsb7KPTTJblYUYideRoOfbdB2xAtq0DlLcSeCn7gcXik0cZi/s1600/google.png)
ලෝකයේ ලොකයේ ලොකුම සර්ච් එන්ජිම සහ තවත් බොහෝ සේවාවන් නොමිලේ
ලබාදෙන Google සමාගම නිර්මාණය කරන ලද්දේ ලැරී ජේජ් සහ සර්ජි බ්‍රින් දෙදෙනා
විසිනි. මොවුන් දෙදෙනා පරිගණක ආචාර්ය උපාධිය ලබාගැනීම සදහා ඇමරිකාවේ
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පිවිසුණේය. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පැමිණි සර්ජී බ්‍රින්
සහ ලැරී ජේජ් දෙදෙනා මිතුරුව මෙම ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී අලුත් සර්ජ් එන්ජිමක්
නිර්මාණය කළේය. එය නම් කරනු ලැබුවේ BackRub නමිනි. බැක්රබ් සර්ච්
එන්ජිම යටතේ යමක් සොයන්නේ එහි ජනප්‍රියතාවය අනුවයි. වැඩි දෙනෙක් බලන වෙබ්
පිටු ස්වයංක්‍රීයව මුලට එන සේ මේ සර්ච් එන්ජිම සකස් කර තිබුණි. මොවුන් මෙය දියුණු කළේ
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී නිසාවෙන් මෙහි අයිතිය තිබෙන්නේ එම විශ්වවිද්‍යාලයටයි. එහෙත්
සර්ජි බ්‍රින් සහ ලැරී ජේජ් එක්ව මේ තාක්ෂණය දියුණු කරලමින් 2011 වර්ෂය දක්වා පේටන්ට්
බලපත්‍රය ලබාලත්තේය. අලුත් තාක්ෂණයක් සහිතව වර්ෂ 1998 සැත්තැම්බර් 07 වැනිදා ගූගල්
සර්ච් එන්ජිම ලෝකයට හදුන්වාදුන්නේ ඉන්පසුවයි.
එකේ ඉලක්කමට බිංදු සියයක් ලියූ විට ලැබෙන ඉලක්කම ගණිතයේදී හදුන්වන්නේ ගූගොල්
Googol කියාය. තම සර්ච් එන්ජිමෙන් ඉන්ටර්නෙට්හි තිබෙන වෙබ් පිටු අති විශාල
ගණනක් පීරා බලාන්නේය යන තේරුමින් මේ නම සිය සර්ච් එන්ජිමට යොදන්නට ලැරී ජේජ්
සමග සර්ජි බ්‍රින් කල්පනා කළහ. පසුව එය කටහුරු වචනයක් වන ගූගල් (Google)
ලෙස වෙනස් කොට ගත්හ. මේ ආකාරයේ අද නිතර භාවිත කරන ගූගල් හට නම් තීරණය කර
තිබේ.
මුලින්ම Google Inc සමාගම ආරම්භ කළේය. ඒ කැලිෆෝනියාවේ මෙන්ලෝපාක් හි
කුලියට ගත් ගරාජයක ප්‍රධාන සර්වරය පිහිටුවමිනි. එහෙත් ප්‍රශ්නක් තිබුණි. ඒ ගූගල් සමාගමට
ප්‍රධාන ආදායම් මාර්ගයක් නොතිබුණි. ගූගල් සර්ච් එන්ජිම හරහා කෙළින්ම දැන්වීම කළ කිරීමෙන්
ලබන ආදායමට වඩා ආදායමක් උපයා ගන්න පුළුවන උපක්‍රමක් ගැන ඔවුන් ගෝටූ ඩොට් කොම්
(GoTo.com) ආයතනයෙන් උපදෙස් ගත්තේය.මේ අනුව දැණුවීම් පළ කරන්නේ වෙබ්
පිටිවෙහි කියවෙන දෙයට අනුවය. ගූගල් හරහා යමෙක් බලන්නේ මොබයිල් ෆෝන් ගැන නම්
දැන් ඒ පිටුවෙහි පළ කෙරෙන්නේ මොබයිල් ෆෝන් සම්බන්ධ දැන්වීම් පමණි. යම් කෙනෙක් ගූගල්
සර්ච් එන්ජිම හරහා මේ දැන්වීම් ඇති පිටුවටකට පිවිසෙන වාරයක් වාරයක් පාසා දැන්වීම්කරු ගූගල්
සමාගම වෙන මුදල් ගෙවිය යුතුයි.
ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් (AdSence) තාක්ෂණය නිසා යම් දැන්වීමක් යා යුත්තේ කවර
වෙබ් පිටුවේදැයි යන්න ස්වයංක්‍රීයව තීරණය කෙරේ. මේ තාක්ෂණයත් සමඟ වෙළඳ දැන්වීම් හරිම
තැන්වල පළවී ඒවාට ප්‍රතිචාර වැඩිවී ගූගල් හි ආදායම ඉහළ ගියේ අනෙක් තරගරුවන්ට කිසිවක්
සිතාගන්නටත් කාලයක් ඉතිරි නොකරමිනි. මේ ක්‍රමයෙන් ගූගර් අර්ත්, යූටියුට්, බ්ලොගර්,
පිකාසා, වැනි නොමිලේ දෙන ගූගල් සේවාවන් හරහා වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධ කරමින් ඔවුන් විසින්
අදායම් උපයා ගැනීම සිදු කරනු ලබයි.
ගූගල් සමාගමෙහි සේවය කරන සේවයන් 32,467 කි. ගූගල් සමාගම දියුණු කිරීමේ පටන්
අලෙවි අංශයේ රැකියාවෙහි නියැදෙන්නන් දක්වා පිරිසට ගූගල් සමාගම සලකන්නේ අනෙකුත් එක්
සමාගමක්වත් සලකන්නේ නැති පිළිවෙළකටය. ගූගල්ප්ලොක්ස් (Googleplex) කියා
හදුන්වන මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවකයින් වෙනුවෙන් ක්‍රිඩාගාර තිබේ. නාන තටාක තිබේ,
අඩු මිලට කොණ්ඩය රැවුල කපන රූපලාවන්‍යාගාර තිබේ. එසේම සියලු සේවකයින්ට දිනකට
සම්පූර්ණ ආහාර වේල් තුනම නොමිලේ සැපයේ. ආයතනය තුළ කමකට නැති නීති රීති නොමැත.
මෙහි සියලු දෙනාටම තමන්ට කැමති අයුරින් ඇද පැළද වැඩ කිරිමට අයිතිය තිබේ.
ගූගල් අර්ත් (Google Earth) වැඩසටහන නිර්මාණය කළේ චිකායි ඔහසාමා ය.කලින්
කීහෝල් (Keyhole) නම් ආයතනය පිහිටුවා ගෙන ගුගල් අර්ත් නිර්මාණය කළේ ඔහුය.
ගූගල් සමාගම කීහෝල් සමග චිකායි ඔහසාමාත් තම සමාගමට මිලදී ගත්තේය.මෙසේ ලොකයේ
සිටින නිර්මාණාත්මක චරිත සියල්ල කෙළින්ම තම සමාගමට බදවා ගැනීම ගූගල් කරයි.ගූගල් හි
ප්‍රධාන ඉංජිනේරුවා ලෙස වින්ටි සර්ෆ් බදවා ගත්තේ එසේමය. අන්තර්ජාලයේ පියා සේ
සැලකෙන්නේ අද ගූගල් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවා වන වින්ටි සර්ෆ් මහතාය.
කුලියට ගත් ගරාජයක, ප්‍රථම සර්වරය ස්ථාපනය කරමින් ගොඩ නැන්වුණු ගූගල් සමාගම අද
ලෝකයේ තිබෙන ප්‍රබල සමාගමක් බවට පත්වී තිබෙනවා. ගූගල්හි ප්‍රධාන කාර්යාලය පිහිටා
තිබෙන්නේ කැලිෆෝනියාවේය. ඇමරිකානු ඩොලර් දශලක්ෂයකින් ආරම්භ කරවූ ගූගල්
සමාගය අද වන වීට ඔවුන්ගේ මුළු වත්මක ඇමරිකානු ඩොලර් බිලියන 72.5 බවට පත්කරගෙන
තිබෙනවා.
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න