Thursday, April 10, 2014

Android පිළිබද සවිස්තරාත්මක විස්තරයක්

සරලවම කියනවනම් Android කියන්නේ Operating (OS) එකක්. මොකක්ද මේ Operating System එකක් කියන්නේ?Operating
System එකක් කියන්නේ යම් උපකරණයක් මෙහෙය වීම සදහා යොදාගන්නා මෙහෙයුම් පද්දතියටයි. උදාහරණයක් ලෙස පරිගණකය මෙහෙය වීම සදහා
Windows වැනි මෙහයුම් පද්දතියක් තිබිය යුතුයි ඒ වගේම ජංගම දුරකථනයක් සදහාත් ඒ සදහාම නිර්මාණය වූ Operating System කිහිපයක්ම ඇත ඒවායින් කිහිපයක් නම් Android, iOS,Windows, BlackBerry OS, Palam, Bada, MeeGo ආදී වශයෙන් තවත් බොහොමයක් මෙහයුම් පද්දති තිබෙනවා මුලදී දුරකථන සදහා පැවති Java,Simbiyan වැනි මෙහෙයුම් පද්දති දිගු කාලයක් බාවිතයේ රැදුනත් Windows,iOS,Android වැනි මෙහෙයුම් පද්දති එලි දැක්වීමත් සමගම පෙර තිබු මෙහයුම් පද්දති බාවිතයත් ප්රස්සිදියත් කෙමන් කෙමන් අඩුවුනි. මේ සමගම Android සහ ios යන මෙහෙයුම් පද්දති අද වන විට විශාල ප්රසිද්දියක් ලබා ඇති අතර මෙම සියලුම මෙහයුම් පද්දති අතරින් ජනප්රියම හා ජංගම දුරකථන ක්ෂේත්රයේ මහා පෙරලියක් ඇති කල Android වලට හිමි වී ඇත්තේ අද්විතීය වූ ප්රමුකතම ස්ථානයකි අද වන විට ලොව ජංගම දුරකථන බාවිතා කරන්නන්ගෙන් වැඩිම දෙනෙක් බවිතා කරන්නේ Android මෙහුම් පද්දතිය සහිත ජංගම දුරකථනයන්ය එම ප්රතිශතය 70.1% ක් පමණ වේAndroid මෙහයුම් පද්දතිය ගොඩනැගීම ආරම්බ වුයේ 2001 වසරේදීය එවකට මෙහි නිපෙයුම් කරුවන් ලෙස ඇමරිකානු පිරිසක් කටයුතු කර ඇත එනම් ඇන්ඩි රූබින්,රිච් මයිනර්,ක්රිස්වයිට් සහ ෂියර්ස් යන පිරිසයි මෙම පරිගණක වැඩසටහන්නිර්මාණකරුවන් විසින් බාවිතාකරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන පරිදි මෙය නිර්මණය කිරීම ආරම්බ වුනි. වසර 2003 දී මොවුන් විසින් ඇන්ඩ්රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම පිහිටුවා ගත්තේය එහෙත් මොවුන් විසින් පිහිටුවා ගත් මෙම සමාගම සාර්ථක වුයේ නැත එයට හේතුව වුයේ ආදායම් උපයාගැනීම නොහැකි වීමයි මේ නිසා එම සමාගම අසාර්ථක වෙමින් පැවතියේය මේ අවස්ථාවේදී Google සමාගම විසින් ඇන්ඩි රූබින් නව පිරිසක් සමගින් ඇන්ඩ්රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම 2005 වර්ෂයේදී මිලදී ගත්තේය. මෙම සමාගම Google සතුවීමෙන් පසුවඇන්ඩි රූබින්ගේ මූලිකත්වයෙන් නව ආරයේ මෙහයුම් පද්දතියක් නිර්මාණය කිරීම ඇරබුණි Google Android ලෙස ආරම්බ කල මෙය 2007 වසරේදී නිර්මාණය කර අවසන් විය. මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වුයේ ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසටයි.

මෙම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ Linux කර්නල් ප්රධාන කේත සටහන පාදක කොට ගෙනය මෙය නිර්මාණය කිරීම සදහා ක්රමලේඛන භාෂා හතරක් උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම එම භාෂා හතරෙන් කේත කිරීමේදී බොහොමයක්කේත සටහන් ලියා තිබේ XML (කේත පේළි ලක්ෂ 30), C (කේත පේළි ලක්ෂ 28), Java (කේත පේළි ලක්ෂ 21), C++ (කේත පේළි 17.5) යොදාගෙන මෙය නිර්මාණය කර ඇත මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත කේත(Open Source) වැඩසටහනක් ලෙස නිර්මාණය කර ඇති නිසා කාටත් නොමිලේ ලබාගෙන, තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට භාවිත කිරීමේ අයිතිය හිමිවනු ඇත ගූගල් සමාගමෙන් ඇන්ඩ්රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙහි අයිති කරුවා ලෙසට ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) නැමැති සමාගම පිහිටුවා ගත්හ. මේ නිසාවෙන් පුද්ගලයෙක්ට මෙම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය දරඳඩු පිළිවෙළකට වෙනස් කර භාවිත කිරීමේ හැකියාවක් නොමැත. ලෝක ජංගමදුරකථන උපාංග නිෂ්පාදනය කරන ආයතන වල එකතුවෙන් මෙම නිර්මාණය කර ඇත.ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ලෙස ජංගම දුරකථන නිර්මාණය කිරීම සහ අලුත් උපාංග වලට ගැලපෙන අයුරින් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ මාවත් තොරා බේරා ගැනීම මෙහි අරමුනයි.

මෙ සියල්ල සිදුවීමෙන් අනතුරුව 2008 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනිදා ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙහි සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම විසින් මහජනයාට ප්රසිද්ධ කරන ලදි. මෙම කේත සටහන ප්රසිද්ධ කරනු ලැබුයේ මෙම කේත සටහනට ගැලපෙන අයුරින් විවිධ වැඩසටහන් (Application) හෙවත් (Apps) නිර්මාණය කරන ලෙසට අනුබල දෙමින්ය. Android Market හෙවත් Play Store නැමති Google Play ලෙස ඇති මෙම ස්ථානය මගින් තමන්ට අවශ්ය Apps නොමිලේ හා මුදල් ගෙවා ලබාගත හැක එපමණක් නොව ඕනෙම කෙනෙකුට Apps නිර්මාණය කර ඒවා Google සමාගමට අලවි කර හෝ නොමිලේ Play Store තුලට ඇතුලත් කල හැක. මේ අයුරින් ගූගල් වෙතින් මිලදීගත් ඇප්ස් බොහොමයක් ඇන්ඩ්රොයිඩ් මාර්කට්හි විකිණීම තිබේ. මේ අතර නොමිලේ ලබාදෙන ඇපස් ද විශාල සංඛ්යාවක් තිබේ.

ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ පළමු සංස්කරණය වූයේ 2008 වර්ෂයේ සැප්තැම්බර් 23 වැනි දින නිකුත් කල ඇන්ඩ්රොයිඩ් 1.0 ය. මෙම මෙහෙයුම් පද්ධතියෙන් පණ ගැන්වුණු පළමු උපාංගය වුයේ HTC - Dream - G1 ස්මාට් ෆෝනයයි. මෙතැන් පටන් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත් සංස්කරණයන් එළිදැක්විණි Android 1.5 - Cupcake සිට ඒවානම් කෙරුනේ අතුරු පස වල නම් යොදා ඉංග්රීසි හෝඩියේ අකාරාදියට අනුවය. මේ වන විට එලි දක්වා ඇති ප්රදාන android සංස්කරණ සංක්යාව 9කි අනුසංස්කරණසමග සියලුම සංස්කරණ සංක්යාව 37කි.

Android 1.0 - 2008සැප්ම්බර්23
Android 1.1 - 2009පෙබරවාරි9
Android 1.5 - Cupcake - 2009අප්රේල්30
Android 1.6 - Donut - 2009සැප්තැම්බර්15
Android 2.0 - Eclair - 2009ඔක්තෝම්බර්26
Android 2.0.1 - Eclair - 2009දෙසැම්බර්30
Android 2.1 - Eclair - 2010ජනවාරි12
Android 2.2 - Froyo - 2010මැයි20
Android 2.2.1 - Froyo - 2011ජනවාරි18
Android 2.2.2 - Froyo - 2011ජනවාරි22
Android 2.2.3 - Froyo - 2011නොවැම්බර්21
Android 2.3 - Gingerbread - 2010දෙසැම්බර් 6
Android 2.3.1 - Gingerbread - 2010දෙසැම්බර්
Android 2.3.2 - Gingerbread - 2011ජනවාරි
Android 2.3.3 - Gingerbread - 2011පෙබරවාරි9
Android 2.3.4 - Gingerbread - 2011අප්රේල්28
Android 2.3.5 - Gingerbread - 2011ජූලි25
Android 2.3.6 - Gingerbread - 2011සැප්තැම්බර්2
Android 2.3.7 - Gingerbread - 2011සැප්තැම්බර්21
Android 3.0 - Honeycomb - 2011පෙබරවාරි22
Android 3.1 - Honeycomb - 2011මැයි10
Android 3.2 - Honeycomb - 2011ජූලි15
Android 3.2.1 Honeycomb - 2011සැප්තැම්බර්20
Android 3.2.2 Honeycomb - 2011අගෝස්තු30
Android 3.2.3 Honeycomb - 2011
Android 3.2.4 Honeycomb - 2011දෙසැම්බ‍ර්
Android 3.2.5 Honeycomb - 2012ජනවාරි
Android 3.2.6 Honeycomb - 2012පෙබරවාරි
Android 4.0 - Ice Cream Sandwich - 2011 ඔක්තෝම්බර් 19
Android 4.0.1 - Ice Cream Sandwich - 2011ඔක්තෝම්බර්21
Android 4.0.2 - Ice Cream Sandwich - 2011නොවැම්බර්28
Android 4.0.3 - Ice Cream Sandwich - 2011දෙසැම්බර්16
Android 4.0.4 - Ice Cream Sandwich - 2012මාර්තු29
Android 4.1 - Jelly Bean - 2012ජූලි 9
Android 4.1.1 - Jelly Bean - 2012ජූලි23
Android 4.1.2 - Jelly Bean - 2012ඔක්තෝම්බර්9
Android 4.3 - Jelly Bean - 2013ජූලි24
Android 4.4 - KitKat - 2013 ඔක්තෝම්බර් 31

Android සමාගම විසින් එලි දැක්වූ නවතම සංස්කරණය වන්නේ Android 4.4 - KitKat වේ මෙම මෙහෙයුම් පද්ධතිය ප්රථම වරට පණ ගැන්වුණු පළමු උපාංගය වන්නේ LG Nexus 5 දුරකතනයයි මෙම උපාංගයසමග Android 4.4 - KitKat නිල වශයෙන් ඔක්තෝම්බර් මස 31 වන දින එලි දක්වන ලදී මෙයත් ඉතාමත් ජනප්රිය වන සංස්කරණයක් වන බව නොවනුමානය.
source = http://amazingtechlk.blogspot.cOm

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න