4G සේවය ලංකාව තුල කෙමෙන් කෙමෙන් ප්රචලිත වෙමින් පවතී. මේ ජනප්රියත්වයත් සමඟ 4G පහසුකම් සහිත ජංගම දුරකථන භාවිතයද කෙමෙන් කෙමෙන් වැඩිවී ඇත. 4G පහසුකම සහිත ජංගම දුරකථන මිලෙන්අධික නිසා ඊට විසඳුමක් ලෙස
Dialog විසින් නව ජංගම දුරකථනයක් හඳුන්වා දී ඇත. ZTE Q143L ලෙසින් හැඳින්වෙන මේ දුරකථනය රු 35000ක් වැනි මුදලකට මිලදී ගත හැකියි.මීට පෙර Dialog හඳුන්වා දුන් ජංගම දුරකථන කිහිපයක් ලංකාව තුල එතරම් ජනප්රියත්වයක් හිමිකර නොගත්තත් ඒවා අතරින් බොහොමයක් ගෙවන මුදලට සරිලන හොඳ තත්වයේ ජංගම දුරකථන බව කිව හැකියි.
• Dual-core 1.5 GHz CPU
• Adreno 225 GPU
• 1 GB RAM
• 8 Megapixel camera with flash
• 3G/HSPA and 4G-LTE support
• MicroSD support up to 32 GB
• GPS, Wi-Fi, Bluetooth
• 2 GB Internal Storage• 1900 mAH battery
• Adreno 225 GPU
• 1 GB RAM
• 8 Megapixel camera with flash
• 3G/HSPA and 4G-LTE support
• MicroSD support up to 32 GB
• GPS, Wi-Fi, Bluetooth
• 2 GB Internal Storage• 1900 mAH battery
ZTE සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Q143L ජංගම දුරකථනය ලංකාවට ගෙන්වා බෙදාහරින්නේ Dialog විසිනි. 1.5 GHz Dual Core ප්රොෙසසරයකින් බල ගැන්වෙන මේ දුරකථනය සඳහා වසරක වගකීමක් ලබා දීමටත් Dialog කටයුතු කරයි.පෙර නිකුත් වූ i හා k වර්ගයේ ජංගම දුරකථන සමඟ බලන විට මේ දුරකථනය ලොව පිළිගත් ආයතනයක් වන ZTE විසින් නිෂ්පාදනය කරන නිසාවෙන් දුරකථනයේ නිෂ්පාදන තත්වය හා කල්පැවැත්ම අතින් ද ඉහළ තත්වයක පවතී. Android 4.0 ICS මෙහෙයුම් පද්ධතිය ක්රියාත්මක වන මෙහි තිරය අඟල් 4.3 ක qHD ස්පර්ශ සංවේදී තිරයකි. එමෙන්ම 1 GB Ram මතකයක් හා Adreno 225 GPU කින් බලගැන්වෙන නිසා සංසන්දනාත්මකව බලන කල Samsung Galaxy SII ජංගම දුරකථනයක ගුණාත්මක බවට සමාන කල හැක. එනම් ඔබට SII දුරකථනයක වැනි performances මේ නව දුරකථනයෙන්ද බලාපොරොත්තු විය හැකිය.අවසාන වශයෙන් ගත් කල 4G පහසුකමින් යුක්ත වීමත්, පහසු මිලත් නිසාවෙන් Dialog ZTE Q143L දුරකථනය ඔබ උත්සාහ කර බැලිය යුතු, එදිනෙදා භාවිතයට ඔබින දුරකථනයක් ලෙස හැඳින්විය හැක.
source = syco.me
source = syco.me
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න