Friday, April 11, 2014

Anycall දුරකථන ගැන

කාටත් ගැටලුවක් වූ Anycallමොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්
තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේදුරකතන සිග්නල් tබෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල්නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TVබලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්. source = http://schoollk.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න