ලොව භාවිතාවන පරිගණක ඇසුරින් වැඩිම මෙහෙයුම් පද්ධති භාවිතාවකට හිමිකම් කියන windows වල මීලග හැරවුම කොයි දෙසටද යන්න හදාරන්නන්ගේ නිරන්තර අවදිමත්වීම් වලින් ප්රධාන එකකි. ඔවුනට එය ආයතනයක වෙළඳ භාන්ඩයකට වඩා තොරතුරු තාක්ශනයේ සාමාන්ය ස්වභාවය හෙලිකර දෙන මාපකයකි. එම ආයතනය Windows 8 හඳුන්වා දෙමින් සාමන්ය භාවිතය Desktop භවිතාවෙන්
Tablet දෙසට බවට පෙර නිගමනයකට එලබියාය. එහෙත් භාවිතාකරන්නන් දෙසින් වූ ප්රතිචාරය වූවේ ආයතනය ඉක්මන් වැඩි බවකි. ආයතනය එයපිලිගනිමින් පියවරක් පසුපසට ගෙන Keyboard , Mouse ප්රමුකභාවිතාව දෙසට Windows 8.1 update 1 සමග පැමිනියේය. Build 2014 සමග Start Menu වේ නැවත පැමිනීමද නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කලාය. එලබෙන කාලය තුලදී එම මෙනුව සමග තවත් මෙගා මට්ටමේ යාවත්කාලීනයක් පිලිබදව හදාරන්නන් අනාවැකි පලකරමින් සිටී.මයික්රසොෆ්ට් සමාගම තමන් මෘදුකාංග සමාගමක් ලෙසට වූප්රධාන අර්ථය වෙනස් කරමින් භාන්ඩ හා සේවා ආයතනයක ලෙසටත් නැවත අර්ත නංවාගන්නට කටයුතු කලාය. අනාගතයේ තම ප්රධාන මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙසට Cloud මූලික ස්වභාවයකට පත්වීම කෙමෙන් ඉගි පලකරන්නට පටන් ගනු ලැබුවේදමීට සමාන්තරවය. හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ බොහෝ විට එම මෙහෙයුම් පද්ධතිය නොමිළේ ලබා දෙන එකක් වී අමතර පහසුකම් එයට එක් කර ගැනීමේදී මුදල් ගෙවන්නට සිදුවනු ඇති බවකි. තම තරගකාරී සමාගම් සැලකීමේදී ඔවුන් විසින් ලබා දෙමින් ඇති තරගය තුලදී එසේ කරන්නට බලකිරීමක් පෙනෙන්නට ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.මයික්රසොෆ්ට් ආයතනය තම නිෂ්පාදන සමග විටක ඉක්මන් වැඩි වීමක් මෙන්ම විටක ඔනෑවට වඩා පමාවීමක් පෙන්වීම තවත් හදාරන්නන්ගේ විවේචනය ලබා ගන්නා කරුනක්වී තිබේ. ඔවුන් මෙම තත්වය පැහැදිලි කරන්නේ Windows 8 සමග වැඩි චලනයක් ඉදිරියට තැබුවාය. තවත් විටකදී start menu ව නැවත රැගෙන එන්නට ඔනෑවට වඩා වෙලාවක් ගනිමින් සිටී.ස්ටීව් ජොබස් සිදුවීම ආයතනයක් ලෙසට ඔවුනට හරිහැටි හදාරා ගන්නට නොහැකිව තිබේ යන්න එම විචාරකයන්ගේ එක් නිගමනයකි. source = siriwansa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න