ඇන්ඩ්රොයිඩ් දිහා නොබලපු nokia සමාගමටඇන්ඩ්රොයිඩ් නැතුව බැරි වෙලා ඔන්න යාුවනේ මම අද ආවෙ ඔයාලට ඇන්ඩ්රොයිඩ් ලබා ගත්ත දියුණුව තවත් පෙන්වන තැනක් ඔයාලට කියන්න... සමහර ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් පාවිච්
චි කරන අය හිතන්නෙ ඇන්ඩ්රොයිඩ් නැති ස්මාට් ෆෝන් නෑ කියලයි.. ඒ තරමට ඒ ඇන්ඩ්රොයිඩ් නැති දුරකනයන් අඩුයි.. මේ වෙන දේවල් එක්ක බලද්දි ඉස්සරහට ඇන්ඩ්රොයිඩ් නැති දුරකතනයන් නොමැති වන තරමටම ඇන්ඩ්රොයිඩ් සිය බලය පතුරවන බව නම් මට හිතෙනව.. බලන්නකො මේ කතාව ඇත්තද කියල...මෙතෙක් කල් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සිය නිෂ්පාදනයන් සදහා යොදා නොගත් අතලොස්සක් සමාගම් අතරින් ලොව විශාලම ස්මාට් ෆෝන් නිෂ්පාදන සමාගමක් වූ නොකියා සමාගම මුල් තැන අරගෙන තිබුණි.. මෙතෙක් කල් සිම්බියන්, මයික්රොසොෆ්ට්, වින්ඩෝස් මොබයිල් වැනි මෙහෙයුම් පද්ධති සමගින් ඔවුනගේ දුරකතන එළි දැක්වු ඔවුන් අවසානයේදි ඇන්ඩ්රොයිඩ් සමග ඉදිරියට යාමට තීරනය කරඇත්තේ, අනාගත ලෝකය සමග ඔවුන්ට මුහුණ දීමට නම් ඇන්ඩ්රොයිඩ් අමතක කිරීම පලක් නොමැති බව ඔවුන්ටම සිතීම නිසා විය හැකිය...කෙසේ වුවත් මෙම ඇන්ඩ්රොයිඩ් හා නොකියා අතර වූ සම්බන්දය බෙහෙවින් පල දරා ඇති බව නම් කිව යුතුය.. මේ නිසාම නොකියා සමාගම ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ස්මාට්ෆෝන් මාදිලි කිහිපයක් දැනටම හදුන්වා දි ඇත.. ඒ අතරටNokia X, Nokia X+, Nokia XLයන මාදිලි ප්රධාන තැනක් උසුලයි...කෙසේ වුවත් උනන්දු සහගත ඇන්ඩ්රොයිඩ් පරිශීලකයන් සිහි තබා ගත යුතු කරුනක් නම් මෙය සැබවින්ම සහතික ලත් ගූගල් ව්යාපෘතියක් නොවන බවයි.. මේ නිසාමNokia Xස්මාට්ෆෝන් සමගින්Play Store, Gmail, ChromeවැනිGoogle Storeසේවාවන් ක්රියාත්මක නොවන බවදසිහි තබා ගත යුතුය.. නමුත් මෙම අඩු පාඩුව වැලැක්වීමටNokia Xස්මාට්ෆෝන් වෙතට එම සේවා වෙනුවට නව මංපෙත් සැලසීමට මයික්රොසොෆ්ට් සමාගම දැඩි වෙහෙසක් දරා ඇති බවද කිව යුතුය..කෙසේ වුවද ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය100%ක් ඇන්ඩ්රොයිඩ් නොවන බව පෙන්වීමට නොකියා සමාගම බොහෝ වෙහෙස ගෙන ඇත.. සෑමNokia Xස්මාට්ෆෝන් සදහාමNokia HERE Maps, Microsoft OneCloud සහSkypeවැනි සේවාවන් අඩංගු වන අතර , අවශ්ය නම්Nokia Storeහෝ රුසියාවේ ජනප්රියYandex Storeජාලයයොදාගෙන ඇන්ඩ්රොයිඩ් යෙදුම් ලබා ගැනිමට පහසුකම් යොදා ඇත..නොකියා ඇන්ඩ්රොයිඩ් ස්මාට් ෆෝනයක් මුලින් ඇසු ඔබ බලාපොරොත්තු වූයේ මෙසේ ඇන්ඩ්රොයිඩ් පහසුකම් අත් හිටවු දුරකතනයක් නොවූවද එයNokia Xස්මාට්ෆෝන් සදහා ගැටලුවක් නොවන බවට නොකියා සමාගම සහතික කර සිටී.. මෙහි ආකර්ශනියNokia Lumiaවර්ගයේ හැඩය සේම, අඩු පිරිවැයත් නිසා ඉදිරි මාස කිහිපය තුල අනෙක් ඇන්ඩ්රොයිඩ් ස්මාට් ෆෝනයන් සදහා දැඩි අභියෝගයක් එල්ල කරන බව නම් නිසැකය...ඔයාලට දැන ගන්නNokia Xස්මාට්ෆෝනයේ විස්තර ටිකක් දෙන්නම්කො...Sim -
Dual Sim
Display – 4.0 inches, IPS LCD
Internal Memory – 4GB, 512 Mb Ram
Card Slot – micro SD, up to 32 GB
Chip Set – Qualcomm MSM8225 Snapdragon S4 Play
CPU – Dual Core 1 GHz
GPU – Adreno 203
Camera – 3.15 MP, 2048x1536 pixels
OS – Android OS, v4.1.2(Jelly Bean)
Display – 4.0 inches, IPS LCD
Internal Memory – 4GB, 512 Mb Ram
Card Slot – micro SD, up to 32 GB
Chip Set – Qualcomm MSM8225 Snapdragon S4 Play
CPU – Dual Core 1 GHz
GPU – Adreno 203
Camera – 3.15 MP, 2048x1536 pixels
OS – Android OS, v4.1.2(Jelly Bean)
Source = http://anyandroidapps.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න