Wednesday, April 23, 2014

win 8 සදහා තවත් මෙගා යාවත්කාලීනයක් එලබෙන අගෝස්තුවේ

Microsoft වෙතින් වින්ඩෝස් 8.1 වෙතට මෙගා ආකාරයේ යාවත්කාලීනයක් නිකුත්වී ගතව ගොස් ඇත්තේ කෙටි කාලයකි. Windows 8
නිකුතුවත් සමග මයික්රසොෆ්ට් සමාගම වෙනස් කල තම ක්රමවේද අතර වූ තම මෙහෙයුම්පද්ධතිය වෙතට වේගවත් මෙගා ආකාරයේ යාවත්කාලීන නිකුත් කිරීමේ ක්රියාවලියට අනූව එලබෙන අගෝස්තුවේ මීලග ප්රධාන ආකරයේ යාවත්කාලීනයක් පැමිනෙනු ඇති බවටයිමේ වන විට නිල නොවන ලෙසට පැවසෙන්නේ. හදාරන්නන් අනුමාන කරනුයේ දැනට මත් පලවී ඇති ආකාරයට වන Start Menuව නැවත පැමිනීම මෙන්ම Metroapps ඩෙස්ටොප් මත ධාවනය වීමේ හැකියාව මෙම යාවත්කාලීනය සමග පැමිනෙනු ඇති බවය. මෙම වසර තුල ඒවා පැමිනෙනු ඇති බවට Build 2014 වලදී ප්රකාශයට පත්ව තිබිනි. 2015 ට බලාපොරොත්තු වන Windows 9 වලදී smart phone හා Tablet තල දෙකෙහිම ධාවන වන නව මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් පිලිබඳව මේ වන විට අනුමානය වෙමින් ඇති අතර ආයතනය තුල මේවන විට මෙම නව ආකාරයේ මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය වෙමින් පවතින බවටයි බලාපොරොත්තුව වන්නේ. එය ARM-powered devices වලට පමනක් සීමා වනු ඇති බවටයි වැඩි දුරටත් අනුමානය වෙමින් ඇත්තේ. Windows 8 සමග ඩෙස්ටොප් භාවිතාව අවුල්වීමත් ටැබ්ලට් හා ස්මාර්ට් දුරකථන අතර පරතරය සමනය කිරීම වැනි ඉලක්ක කිහිපයක් මෙම නිකුතුව තුලදී පැහැදිලි වනු ඇති බවටත් විචාරකයින් බලපොරොත්තු වනවා.
source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න