Facebook නිර්මාතෘ Mark Zuckerberg මහතා Mobile World Congress 2014 අමතමින් පවසා සිටියේ තවමත් ලොව බිලියන ගනනක් වන අන්තර්ජාල භාවිතාව නොලැබ ඇ
ති පිරිස් වෙතට එම හැකියාව රැගෙන යන්නට තම ආයතනයේ අවධානය යොමුව ඇති බවකි. පලවන නවතම පුවතක් පවසන්නේ Feacebook ආයතනය Titan Aerospace නම් solar-powered drones ඇතුලුඑවැනි තාක්ශනයන් දියුනු කරමින් සිටින ආයතනයක් මිලදී ගැනීමක් පිලිබදව කරුනුහදාරමින් සිටින බවකි. අන්තර්ජාල භාවිතාවේදී වැඩිම ඉඩකඩක් ලබාගන්නා භාවිතාවකට අයිතිය පවසන ලොව විශාලතම සමාජජාලාව වන ෆේස්බුක් ආයතනය internet.org නම් ලොව පුරාවට අන්තර්ජාල භාවිතය පැතිරවීම මූලිකව ක්රියාත්මක වන සංවිධානයේ ක්රියාකාරී ප්රමුකයෙකුද වේ. මෙම solar-powered drones යනු සූර්ය බලශක්තිය සමග වසර 5ක් එක දිගටම පියසර කිරීමේ හැකියාවෙන් යුක්ත බවටයි වාර්ථා වන්නේ. එම වාර්ථා වැඩි දුරටත් පවසන්නේ අප්රිකාව මූලිකව මෙවැනි උපාංග 11000ක් භාවිතයෙන් වනව්යාපෘතියකට මේ වන විට සැලසුම් වෙමින් පවතින බවකි. මෙම drones උපකරන satellite ආකාරයේ ක්රියාකාරකමක් අඩු මුදලකින් හා පහසුවකින් පෘතුවියේ සිට අඩු උසකින් සිටින ලබා දෙන්නට හැකිවන අයුරින් නිමව ඇති බවයි. මෙහිදී ඔවුන් භාවිතාකරන්නට බලපොරොත්තුවන Solara 50 හා 60 මෝස්තර සමග මුහුදු මට්ටමේ සිට 20Km උසක සිටිමින් මෙම පහසුව ලබා දෙන්නට හැකිවනු ඇති බවට හා දහවල හිරු බලයෙන් හා රාත්රියේදී රැස්කර ගන්නා බැටරි බලයෙන් ක්රියාත්මක වීමේ හැකියාවෙන් යුක්තබවටයි පැවසෙන්නේ. source = http://siriwansa.blogspot.com
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න