Saturday, April 19, 2014

ඇපල් iOS7 මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් වමනය සහ කරකැවිල්ල

ඇපල් සමාගම විසින් එළ දක්වා ඇති iOS7 මෙහෙයුම් පද්ධතිය තුළ ඇති ත්රිමාණ සජීවීකරණයන් හේතුවෙන් වමනය සහ කරකැවිල්ල ඇතිවන බව පාරිභෝගිකයන් විසින් මැසිවිලිනගන බව වාර්තා වේ.අයි ෆෝන්, අයි පෑඞ් සහ අයි ටච් දුරකථන මෘදුකාංගවලට වේගවත් ත්රිමාණ සජීවීකරණ උපක්රමයන් එක් කර තිබීම iOS7 මෙහෙයුම් පද්ධතිය හරහා සිදු කර තිබේ
. එය භාවිතා කිරීම මගින් මෝටර් රථයක් තුළ පොතක් කියවන විට දැනෙන අපහසුව දැනෙමින් පවතින බවත් නව මෙහෙයුම් පද්ධතිය ඉවත් කළ හැකිද බවත් පාරිභෝගිකයකු ඇපල් සමාගමෙන්විමසා ඇත.පෙර පැවති මෙහෙයුම් පද්ධතියට නැවත යෑමට අවස්ථාවක් නොමැති අතර සජීවීකරණ චලනයන් පාලනය කිරීමට විධානයක් පැවතියද එය ප්රමාණවත් නොවන බව විශ්ලේෂකයන් පවසති.තවත් පාරිභෝගිකයකු ඇපල් සංවාද මණ්ඩපයට යොමු කර ඇත්තේ iOS7 මෙහෙයුම් පද්ධතියභාවිතා කිරීම ආරම්භ කළ වහාම තමන් හිසේ කැරකිල්ලට ගොදුරු වූ අතර මුළු දිනක්ම එයින් පීඩා විඳීමට සිදුවූ බවයි. නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳ කිසිදු රුචියක් නොමැති බවද ඔහු පවසා ඇත.මේ අතර ගැටළුවට පිළිතුරක් සැපයීමට ඇපල් සමාගම පැකිළෙන්නේ නම් එයට සහය වීමට පිටස්තර මෘදුකාංග වැඩසටහන් නිර්මාණකරුවන් සූදානමින් සිටින අතර PCalc නම් ගණක යන්ත්ර මෘදුකාංගයේ නිර්මාතෘ ජේම්ස් තොම්සන් විසින් iOS7 සජීවීකරණයන් අකර්මණ්ය කිරීමේ වැඩසටහනක් දැනටමත් නිපදවා ඇතැයි වාර්තා වේ.
souce = http://lankacnews.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න