Friday, April 11, 2014

iPhone 5S ගැන විස්තරාත්මකව

ඇපල් අයිෆෝන් 5S මෙම අයිෆෝනය ඇපල් A7 64bit ප්රොසෙසරයකින් බල ගැන්වෙන අතර මෙම අයිෆෝනය 64bit ප්රොසෙසරයක් සහිත ලොව ප්රථම ස්මාර්ට්ෆෝනය ද වනවා.මෙමගින් iOS 7 හි දක්නට ලැබෙන Animation සහ i
OS games ඉතා උසස් මට්ටමකින් ක්රියාත්මක කරවීමේ හැකියාවක් පවතිනවා.මෙම නිසා ඇපල් අයිෆෝන් 5S පෙර නිකුත් වු අයිෆෝන් වලට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහළ මට්ටමක පවතිනවා.මෙම A7 ප්රොසෙසරය ඇපල්හි ප්රථම අයිෆෝනයට වඩා 56% ක graphic කාර්යක්ෂමතාවයකින් සහ 40% කට වැඩි CPU හි ඉහළ කාර්යක්ෂමතාවයක් පවතිනවා.මේ සමඟ ම ඇපල් අයිෆෝන් 5S තුළ ඇපල් M7(Motion Coprocessor ) නමින් නවප්රොසෙසරයක් ද ඇතුළු කොට තිබෙනවා.මෙය චලන දත්ත(motion data, accelerometer, and gestural data) සමඟ ගනුදෙනු කරනු ලබයි.මෙය ශරීර සුවතාවට අදාළ Apps ප්රවර්ධනයේදී ඉතා වැදගත් වනු ඇති බවයි පැවසෙන්නේ.ඇපල් අයිෆෝන් 5S හි දක්නට ලැබෙන වැදගත්,විශේෂ ම පහසුකම වන්නේ මෙයට අලුතින් එක්කොට ඇති ඇඟිලි සළකුණු සංවේදකය යි(Fingerprint Sensor).මෙය අයිෆෝනයේ Home Buttion හි ස්ථාපනය කර තිබෙනවා.නව අයිෆෝනයේ Home Buttion හි පෙර මෙන් කොටු සළකුණක් දක්නට ලැබෙන්නේ නැති අතර මෙමගින් ලබා ගන්නා දත්ත අයිෆෝනයේ ප්රොසෙසරයේ පමණක් ගබඩා වනවා පමණක් නොව එම දත්ත ඇපල් මෘදුකාංග ප්රවර්ධකයන්ට පවා ලබා ගතනොහැකි බවයි පැවසෙන්නේ.මෙමඟින් ඇපල් අයිෆෝනයක් අන්ලොක් කිරීමේ දී යොදා ගන්නා මුරපදයක් වෙනුවට බාවිත කළ හැකි අතර අයිෆෝනයක් මඟින් සිදුවන ගනුදෙනු සනාථ කිරීමට ද යොදාගනු ලබනවා ඇත.මෙය ඇපල් සමාගම විසින් "Touch ID" ලෙස නම් කොට තිබෙනවා.මෙම අයිෆෝනයේ පිටුපස කැමරාව සඳහා Dual Flash යොදාගෙන තිබෙනවා.මෙමඟින් ස්වාභාවික ආලෝක ධාරාවක් ලබා දෙන බවයි පැවසෙන්නේ.මෙහි කැමරාව 8 pixel වන අතර තප්පරයට frames 30 ක් (1080p)සහ හඳුන්වාදෙන Slo-Mo පහසුකම සමඟ මෙමඟින් තප්පරයට frames 120 ගැනීමේ හැකියාව පවතිනවා.මෙහි සැලැස්ම අයිෆෝන් 5 හි හැඩයට බොහෝ සෙයින් සමාන වන අතර මෙම අයිෆෝනය බාහිර නිමාවෙන් Touch ID,Dual Flash LED සහ හඳුන්වාදෙන රත්රන් වර්ණයෙන් අසමාන වනවා.ඇපල් අයිෆෝන් 5S Gold, Silver, සහ Space Gray යන වර්ණයන්ගෙන් සමන්විත වනවා.මෙමගින් පෙර අයිෆෝන් පැමිණි තද කළු වර්ණය ඉවත් වී තිබෙනවා.මෙම වර්ණකයන් iOS 7 සමඟ ඉතා හොඳින් ගැලපෙනු ඇතැයි පැවසෙනවා.ඇපල් අයිෆෝන් 5S හි සියලු වර්ණයන්මෙම අයිෆෝනය 16GB, 32GB සහ 64GB යන ධාරිතාවයන්ගෙන් සමන්විත වන අතර මෙය 2013 සැප්තැම්බර් 20 වැනිදායින් පසුව ඇමෙරිකානු ඩොලර් 649 සිට ඉහළට මිළ තීරණය වනවා.
source = http://www.applesinhalen.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න