Project Ara යනු අඩු මිලට වැඩි පහසුකම් වලින් යුත් මොඩියුල ආකාරයේ ජංගම දුරකථන නිපදවීමේ Google සමාගමේ ව්යාපෘතියකි. මෙම ව්යාපෘතිය හඳුන්වා දුන්නේ Motorola
සමාගම විසින් වුවත් Google විසින් Motorola මිලදී ගැනීමත් සමඟ එය වැඩි දියුණු කිරීමේ කාර්යයට Googleඋර දුන්නා. (Google තමන් සතු Motorola කොටස් වලින් බහුතරයක් Lenovo සමාගමට විකූණා දැමූවත්තවමත් Project Ara හිමිකරු Google ය.)මෙම ව්යාපෘතියේ සරල අරමුණ නම් ජංගම දුරකථන භාවිතයේදී කාලයත් සමඟකැමරාව, ප්රොෙසසරය, රැම් මතකය ප්රමාණවත් නොවීම වැනි ගැටළු වලට විසඳුමක් සෙවීමයි. එනම් ජංගම දුරකථනය පරණ වීමත් සමඟ එහි යල් පැනගිය කොටස් පමණක් වෙන වෙනම සම්බන්ධ කර නැවත නැවත භාවිත කර හැකි ජංගම දුරකථනයක් නිෂ්පාදනය කිරීමයි.එමෙන්ම මේ ක්රමය හරහා ඉතාමත් අඩු මිලකට එදිනෙදා භාවිතයට අවශය වනදුරකථනයක් පාරිභෝගිකයා හට මිලදී ගැනීමට හැකි වනු ඇති අතර පසුව සුළු මුදලක් වියදම් කර එහි තත්වය උසස් කර ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයක්.මෙහි නිර්මානකරුවන් පවසන්නේ දුරකථනයේ screen වල සිට processor නැතිනම් battery එක දක්වා කොටස් දුරකථනය ක්රියාත්මක වෙමින් තිබෙන විටකදී පවා පහසුවෙන් වෙනස් කරන්නට හැකිවන modules ලෙසට පැමිනෙන අතර පාරිභෝගිකයින්අතර ජනප්රිය වීමට එය ප්රධාන හේතුවක් වනු ඇති බවය. Googleආයතනය දැනට සැලසුම් කර ඇති ආකාරයට එලඹෙන අප්රේල් 15-16 පැවැත්වෙන Ara Developers Conference වලදී මෙම නිකුතුවේ පළමු සංස්කරනයක් developer ලා වෙතට ඉදිරිපත් කරන්නට නියමිත අතර 2015 පලමු කාර්තුවේ පමන වෙළඳ පොලට පැමිනීමේ හැකියාවක් වනවා.
source = http://syco.me
No comments:
Post a Comment
ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න