Friday, April 25, 2014

Windows XP සදහා විකල්පයක් වෙමින් එන Ubuntu 10.04 LTE සංස්කරනය

  Windows XP නිල සමු ගැනීම තොරතුරු භාවිතා ලොවට සැලකිය යුතු ගැටලුවක් නිර්මානය කලාය. විශේෂයෙන් ආයතනික මට්ටමේ භාවිතාව සදහා එය වැඩි පුරම දැනෙන සුලු විය. Windows 7  හෝ  windows 8 ස
දහා පිවිසෙන්නට විශාල අමතර වැයක් දැරිය යුතු දෘඩාංග මට්ටමේ උස්තල ගැන්වීමේ අවශ්‍ය බව මෙයට ප්‍රධාන හේතුවක් විය. Canonical ආයතනය තම ubuntu වල මීලග සංස්කරනය එනම් Ubuntu LTS සමග විකල්පයක් වන්නට කටයුතු කරන බවට නිවේදනය කරන ලද්දේ මේ අතරය. භාවිතාකරන්නාගේ මුහුනත් වල සිට වැඩි දියුනු කිරීම් සමග Office වැනි මෘදුකාංග සදහා සදහාද විකල්ප වලින් සමන්විතව පැමිනෙන මෙම සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවටයි වාර්ථා වන්නේ.                       
French police force වෙතින් පැවසෙන්නේ 70000කින් සමන්විත තම පරිගණක ජාලය සදහා මෙම නව Ubuntu 14.04 LTS සංස්කරනය වෙතට මාරුවීම සමග භාවිතාවේද අපහසුවක් නැතිවම විශාල වැයක් නතර කර ගන්නට හැකිවූ බවකි. තාක්ශනික ගැටලු සහගත බවේද අඩුවීමක් පෙන්වන මෙම මාරුවීමක් සමග Windows XP භාවිතාකරමින් සිටින්නන්ට වඩාත් පහසු විකල්පයක්ව සිටින බවටයි පෙන්වාදෙන්නේ.
http://www.ubuntu.com/download/
source = siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න