Wednesday, April 30, 2014

Samsung සමාගමේ අතීතය

අනෙක් ඉලෙක්ට්රොනික් සමාගම් වගේ නෙවෙයි Samsung මුලින්ම ආරම්භ කලේ ඉලෙක්ට්රොනික් උපාංග නිෂ්පාදනයට නොවෙයි. Byung-Chull Lee විසින් 1938 සමාගම ආරම්භ කලේ දකුණු කොරියාවේ සෝල්
(Seoul) අගනුවර. චීනයට එලවලු, පලතුරු හා මාලු අපනයනය කරන සමාගමක් විදියට තමයි ආරම්භ වෙන්නේ. 40 දශකයේ අගභාගය වන විට පිටි ඇඹරුම්හල් හා රසකැවිලි නිෂ්පාදන කර්මාන්තශාලා Samsung සමාගම සතුව තිබුණා. 1958 සිට 1970 දක්වා ඔවුන්ගේ වෙළෙඳ කටයුතු මුල්ය, මාධ්ය, රසායනද්රවය හා නැව් නිපදවීම දක්වා පුලුල් කරන ලදී.1969 දි Samsung Electronics සමාගම ආරම්භ කලා. මුලින්ම රූපවාහිනි, ගුවන් විදුලි හා පරිගණක කොටස් නිෂ්පාදනය පටන් ගත්තා. 1983 දී තමන්ගේ ප්රථම දුරකතනය ලෙස කාර් රථ සඳහා සවිකල දුරකතනයක් නිපදවූවා. එය අසාර්ථක වූ නමුත් පසුව සිදුකල පර්යේෂණ වල ප්රතිඵලයක් ලෙස පළමු ජංගම දුරකතනය වු SH-100 1988 දි නිපදවනු ලැබුවා. එය කොරියාවේ නිපදවු පලමු ජංගම දුරකතනය බවට පත් වුණා. 1994 වන විට ඇමරිකානු සමාගමක් වන Motorola සමාගම විසින් නිපදවන දුරකතන වලට සමාන තාක්ෂණයක් සහිත දුරකතන නිපදවීමට සමත් වුනා.1993 නොවැම්බර් මාසයේදි එවකට වෙළෙඳපලේ තිබු "බර අඩුම" ජංගම දුරකතනය වූ SH-700 නිපදවීමට Samsung සමාගම සමත් වුනා. එහි සෑම දුරකතනයක්ම එකින් එක ගෙන තත්ව පරික්ෂාවක්ට ලක් කලා. වැරදි සහිත දුරකතන සේවකයන් ඉදිරියේදිම පුලුස්සා දමනු ලැබුවා. එසේ සිදුකලේ ඔවුන්ගෙ දුරකතනවල තත්වය (quality) ආරක්ෂා කරගැනීමට.1994 ඔක්තෝබරයේදී SH-700 ඉදිරි නිපැයුමක් ලෙස යන"Anycall" වෙළෙඳ නාමය යටතේ තත්වයෙන් ඉතා ඉහල SH-770 දුරකතනය වෙළෙඳ පළට ඉදිරිපත් කලා. Samsung සමාගමේ මෙම දියුණුවත් සමග 1995 වන විට කොරියානු වෙළෙඳ පලේ Samsung දුරකතන භාවිතා කරන්නන්ගේ ප්රතිශතය 25.8% දක්වා ඉහල ගිය අතර Motorola දුරකතන භාවිතා කරන්නන්ගේ ප්රතිශතය 42.1% දක්වා පහත බැස තිබුණා. මින් පසුව ඔවුන්ගේ නිෂ්පාදන ඇමෙරිකාව , හොංකොං, බ්රසීලය, ලතින් ඇමරිකාව ආදි රටවලට අපනයනය කීරීමට පටන්ගත්තා. මෙහි ප්රතිපලයක් ලෙස 1998 දී බ්රසීලයේ Samsung දුරකතන නිෂ්පාදනාගාරයක් ආරම්භ කලා. 2012 වන විට ලෝකයේ වැඩිම ජංගම දුරකතන අලෙවි කරන සමාගම බවට Samsung පත්වුනේ එතෙක් පලවෙනි ස්ථානයෙ සිටි Nokia සමාගම දෙවැනි තැනට පත්කරමින්. එය 23% ප්රතිශතයක් වුනා. අද වන විට...,2009 සිට අද දක්වා ලෝකයේ විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස Samsung Electronics පලවෙනි ස්ථානයේ පසුවෙනවා. සේවයකන් තුන්ලක්ෂ හැත්තෑදහසකට (370,000) අධික සේවක පිරිසක්, රටවල් 88ක වෙළෙඳජාල හා එකසල් කිරීමේ කර්මාන්ත ශාලා තුල මෙහෙයවන්නට සමාගමට හැකිවී තිබෙනවා. ඉතාමත් ජනප්රිය වූ Samsung Galaxy Smart phone series නිකුත් කිරීමෙන් අනතුරුව Apple iphone සමාගම අභිබවමින් smart phone ක්ෂේත්රයේ ප්රමුඛයා බවට පත්වීමට අදවනවිට Samsung සමාගමට හැකිවී තිබෙනවා.
source = http://chamiths.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න