Thursday, April 17, 2014

ස්මාර්ට් දුරකථන සදහා එකම 'kill switch' භාවිතාවකට එකගවේ

භාවිතාවන සමස්ත ස්මාර්ට් උපාංග සැලකීමේදී ස්මාර්ට් දුරකථනයට හිමිවන්නේ ප්රධාන ස්ථානයකි. එහිවන ජංගම ගතිය හා නම්ය භාවිතාවට සුදානම් බව මෙම වැඩි භාවිතාවට හේතුව විය හැක. එහි වන විශේෂත්වය එපමනක් නොවේ. වැඩියෙන්ම සොර සතුරු බවට ගොදුරුවන උපාංගය ලෙසටද එය සැලකිය හැකිය. එහිදී භාවිතාකරන්නෙකු මුහුනදෙන ගැටලූන් අතර මිලැති බවට අමතරව ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්සතුවීමවැදගත්ම ගැටලුවකි. භාවිතාකරන්නෙකුගේ දත්ත ජීවිතයේ වැඩියෙන්ම ඔහුව හැදෑරෙන උපකරනය ලෙසට පිලිගැනෙන ජංගම දුරකථනයක් අන්සතුවීම බහුලව සිදුවිය හැකි මෙන්මවඩාත්ම අනතුරුදායක කාරනාවක්
ලෙසට පිලිගැනේ.අවශ්ය විටකදී දුරස්ථව භාවිතාකරන්නාගේ තොරතුරු ස්මාර්ට්දුරකථනයෙන් මකා දැමීමට හැකි වීම මේ සදහා එක් විසදුමක් ලෙසට පිලිගැනෙන්නෙකි. මේ සදහා නිෂ්පාදකයින් විවිධ ආකාරයේ තම විසදුම් ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැකි විය. පලවන නවතම්වාර්ථා පවසන්නේ ප්රධාන පෙලේ සියලුම පාහේ රැහැන් රහිත සබදතා සපයන්නන් හා ස්මාර්ට් දුරකථන නිපදවන්නන් මේසදහා එක් විසදුමකට පැමින ඇති බවකි. එකම "Killer switch" භාවිතාවකට සියල්ලන් පැමිනෙන මෙම එකගතාවය "Smartphone Anti-Theft Voluntary Commitment" වනවා. 2015දී සිට ක්රියාත්මක වීමට නියමිත මෙම එකගතාවය සදහා Microsoft, Apple, Google, Samsung, Nokia. HTC. Motorola, Huawei,මෙන්ම Asurion. සේවා සපයන්නන් වන AT&T, Verizon, Sprint හා T-Mobile සහය දවනු ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත්BlackBerry හා LG මෙහි කොටස් කරුවන් ලෙසට එක්ව නැති බවටයි වාර්ථා වන්නේ. උපකරනය සමග පැමිනෙන හො බාගත කර ගත හැකි ආකාරයට පැමිනෙන මෙමanti-theft app භාවිතාවත් සමග උපකරනයේ හිමිකරුට අවශ්ය විටකදී දුරස්ථව දුරකථනය අක්රියකර දමන්නට සහය වන අතර පසුව අවශ්ය නම් නැවත සංක්රියකර ගැනීමේ හැකියාවෙන් යුත්ත බවටයි වාර්ථාවන්නේ. source = http://siriwansa.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න