Sunday, April 20, 2014

Chrome os ගැන

Chrome OS කියන්නේ Google සමාගම මගින් Linux Kernel එක පාදක කර ගනිමින් නිපද වූ මෙහෙයුම් පද්ධතියකි.මෙම මෙහෙයුම් පද්ධතිය විශේෂයෙන් ම සකස් කර ඇත්තේ web applications සමඟ හොඳින් වැඩ කළ හැකි අයුරිනි. එනම් මෙම මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත්තෙ නිතර අන්තර්ජාලයේ සැරිසරන අයටයි.
එම නිසාම මෙම මෙහෙයුම් පද්ධතියේ තිබෙන්නේ වෙබ් බ්රව්සරය, මීඩිවයා ප්ලේයරක් සහ ෆයිල්මැනේජින් මෘදුකාංගයක් පමණි. මෙහි අනෙකුත් වැඩ කටයුතු කරගත යුත්තේ web applications හරහාය.මෙම Chrome OS එක සහිතව නිපද වූ Laptop වර්ගයක් ද වෙළඳ පොළට නිතකුත් කර ඇත. ඒවා Chromebooks ලෙස හැඳින් වේ. මේ වනවිට Google සමාගම මෘදුකාංග සංවර්ධකයින් මෙම මෙහෙයුම් පද්ධතිය සඳහා Packaged Applications තැනීමට ද දිරි ගන්වා ඇත. එමගින් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නෙකුට අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් තොරව තම වැඩකටයුතු කරගත හැකි මෘදුකාංග Chrome OS වෙත එක් කළ හැක. මේ සඳහා HTML5, Java Script, CSS යන භාෂා භාවිතකළ යුතුය. ඔබ Windows 8 මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නෙක් නම්, ඔබට Chrome Web Browser එක Install කර එහි option button එකෙහි “Launch Chrome in Windows 8 mode” යන්න තේරීමෙන් Chrome OS මෙහෙයුම් පද්ධතිය තරමක් දුරට අත් විඳිය හැක.
source = http://lionwavelk.blogspot.com

No comments:

Post a Comment

ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න